ads
Food

ඔබේ දෛනික කෑම පිගානට අත්‍යවශ්‍යම, ඒත් නිතර මගහැරෙන පෝෂකය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අපේ දෛනික කෑම පිගාන විවිධ රසවත් කෑම වර්ගවලින් පිරී තිබුණත්, අපේ ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය එයින් ලැබෙනවද යන්න ගැන අපි නිතරම සිතන්නේ නැත. අද වන විට කුඩා, තරුණ මෙන්ම මහලු බේදයකින් තොරව බොහෝ දෙනෙක් විවිධ සෞඛ්‍ය ගැටලු සහ රෝගවලට මුහුණ දෙන්නේ නිසි පෝෂණය මගහැරී යාම නිසාය. ශරීරයට අත්‍යවශ්‍ය මූලික පෝෂ්‍ය පදාර්ථ අතරින් ඉහළම ස්ථානයක් හිමි වන යකඩ, අපට වැඩිපුරම මගහැරෙන පෝෂකයකි.

යකඩ අපේ සිරුරට මෙතරම් වැදගත් වන්නේ ඇයි?


ශරීරයේ රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීමට සහ මුළු සිරුර පුරාම ඔක්සිජන් රැගෙන යාමට යකඩ අත්‍යවශ්‍ය වේ. ශරීරයට අවශ්‍ය ශක්තිය සහ ප්‍රාණවත් බව ලැබෙන්නේ මෙම ක්‍රියාවලිය හරහායි. 

සිරුරේ යකඩ ප්‍රමාණය අඩුවී ගිය විට, නිරන්තරයෙන් ඇඟට පණ නැති ගතියක්, මහන්සියක් සහ නිදිමත ගතියක් දැනෙන්නට පටන් ගනී. එබැවින් අපගේ එදිනෙදා ජීවන ශක්තිය පවත්වා ගැනීමට යකඩ යනු අත්‍යවශ්‍යම සාධකයකි.

යකඩ පහසුවෙන් ලබාගත හැකි ආහාර


පෝෂණවේදීන් පෙන්වා දෙන පරිදි, අපගේ දෛනික ආහාර වේලට පහසුවෙන් එකතු කරගත හැකි යකඩ බහුල ආහාර කිහිපයකි මේ:

  • පලා වර්ග: ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං සහ නිවිති
  • මස් හා මාළු වර්ග: රතු මස් සහ විවිධ මාළු වර්ග
  • ධාන්‍ය හා ඇට වර්ග: මුං ඇට, කඩල, පරිප්පු සහ සෝයා බෝංචි
  • පළතුරු: රටඉඳි

යකඩ අඩංගු ආහාර වේලක් ගත් විගසම තේ හෝ කෝපි පානය කිරීමෙන් වළකින්න. මන්ද, ඒවායේ අඩංගු ඇතැම් සංඝටක මඟින් ශරීරයට යකඩ අවශෝෂණය කරගැනීමේ හැකියාව බාල කරන බැවිනි.

යකඩ බහුල ආහාර ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

නිසි පරිදි යකඩ අඩංගු ආහාර ගැනීමෙන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීමට පුළුවන්:

- ලේ හිඟකම (රුධිරානු අල්පතාවය) පාලනය කිරීම: සිරුරේ රුධිරය වර්ධනය කර නිරෝගී බව රකියි.

- අධික මහන්සිය සහ ක්ලාන්තය නැති කිරීම: දවස පුරා සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දී ප්‍රාණවත්ව තබයි.

- ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම: රෝගවලට එරෙහිව සටන් කිරීමට සිරුරේ ඇති හැකියාව වැඩි කරයි.

- මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම: අවධානය යොමු කිරීමේ හැකියාව සහ මතක ශක්තිය වර්ධනය කරයි.

- ගර්භණී සමයේ සෞඛ්‍යය: මවගේ සහ නූපන් දරුවාගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට අත්‍යවශ්‍ය වේ.

මගහැරෙන යකඩ යනු ඔබේ සිරුරේ ශක්තියට සහ ජීවයට අත්‍යවශ්‍යම කොටසයි. එබැවින් අද පටන් යකඩ බහුල සෞඛ්‍ය සම්පන්න ආහාර ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගනිමින් නිරෝගී ජීවිතයක් ගත කිරීමට පුරුදු වන්න.

0%
0%
0%
0%
Comments