ads
Feature

ලොවටම තර්ජනයක් වන දරුණුතම එල්නිනෝ තත්වය ගැන ඔබ දැනුවත්ද ?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
එල්නිනෝ තත්වය ඉතිහාසයේ ප්‍රබලතම සංසිද්ධියක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය වසර 70 තුළ වාර්තාවන ප්‍රබලතම එල්නිනෝ තත්වය මෙය බවයි. පැසිෆික් සාගරයේ උණුසුම වාර්තාගත ලෙස ඉහළයාම හේතුවෙන් මෙම තත්වය හටගෙන තිබෙනවා.

සාමාන්‍ය එල්නිනෝ තත්වයකදී උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් සිදුවන නමුත් මෙවර එය අංශක 3 කට වඩා ඉහළ යා හැකි බවයි එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා කාර්යාලය සඳහන් කරන්නේ. මෙම තත්වය නිසා දකුණු අමෙරිකානු මුහුදු තීරය ආශ්‍රිතව කුඩා මසුන් මෙන්ම ඔස්ට්‍රේලියාවේ කොරල්පර සහ සාගර ජීවීන් දැඩි තර්ජනයකට ලක්ව තිබෙනවා.

එල්නිනෝ තත්වයත් සමඟ ලොව පුරා කාලගුණ රටාව දැඩි ලෙස වෙනස්වෙමින් පවතිනවා. ඒ අනුව දැඩි නියඟය සහ ලැව්ගිනි ඇතිවීමේ වැඩි අවදානමක් පවතින අතර පැනමා ඇලෙහි ජලය අඩුවීමක්ද අපේක්ෂා කෙරෙනවා.

මෙම ස්වභාවික විපර්යාසය හේතුවෙන් ගෝලීය ආහාර නිෂ්පාදනය දැඩි ලෙස පහළ යනු ඇති අතර, මිලියන 49 කට ආසන්න පිරිසකට එහි සෘජු බලපෑම් එල්ලවනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන පුරෝකථනය කර තිබෙනවා.

0%
0%
0%
0%
Comments