ads
Feature

බාධක මධ්‍යයේ වුවද නොනැමුණු ආදරය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
පිලිපීනයේ මැනිලා නගරයට උතුරින් පිහිටි බුලාකන් හි, හැගොනෝයි ප්‍රදේශයේ ඉණ මට්ටමට ජලය පිරී තිබූ ශාන්ත ජෝන් පල්ලිය තුළදී, ලෙයාන් ලීසා ගැලැන්ග් (Leian Lieza Galang) සහ ගිල්බට් චිකෝ (Gilbert Chico) යන යුවළ පසුගියදා සිය විවාහ උත්සවය අතිශයින් සුවිශේෂී අයුරින් පවත්වා තිබුණා.බාධක හමුවේ නොබැස්ස ආදරණීය අධිෂ්ඨානයේ සංකේතාත්මක දර්ශනයක් ලෙස මෙම විවාහ උත්සව වීඩියෝව සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිගුකාලීන මෝසම් වැසි සහ ප්‍රබල නිවර්තන සුළි කුණාටු හේතුවෙන් ප්‍රදේශ රැසක දැඩි ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, මිලියන 9 කට අධික පිරිසකට එහි බලපෑම් එල්ල වී තිබෙනවා. ජල මට්ටම තවදුරටත් ඉහළ යාම නිසා විවාහ මංගල්‍යය කල් දමන ලෙස පල්ලිය විසින් උපදෙස් දී තිබුණද, මෙම ආදරණීය යුවළ සිය අධිෂ්ඨානය අත්හැරියේ නැත.

ආදරයේ සැබෑ අරුත කියාදෙමින්, අතිශය අසීරු වටපිටාවක් තුළ ඥාතීන් සහ හිතවතුන් සුළු පිරිසකගේ ආශීර්වාදය මැද ඔවුන් මෙම උත්සවය සාර්ථකව පවත්වා තිබෙනවා. 

ස්වභාවධර්මයේ කටුක අභියෝග හමුවේ වුවද, නොනැමුණු ආදරයක අපූර්වත්වය ලෝකයාට පෙන්වා දුන් මෙම සුන්දර මොහොතේ වීඩියෝ දර්ශන මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

0%
0%
0%
0%
Comments