ads
Feature

ට්‍රම්ප්ගේ රුව සහිත නව ඩොලරයේ කාසියක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අමෙරිකානු එක්සත් ජනපදයේ 250 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් නව ඩොලර් 1 ක විශේෂ සමරු කාසියක් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම සමරු කාසිය අමෙරිකාවේ ඉතිහාසය, අභිමානය සහ ජාතික උරුමය මැනවින් නිරූපණය කරන්නක්. කාසියේ ප්‍රධාන නිර්මාණයට අමතරව අමෙරිකානු ජාතික ආදර්ශ පාඨය වන “IN GOD WE TRUST” යන වැකියද මීට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මෙම රන් පැහැති සමරු කාසි විශේෂ පැකේජ යටතේ අලෙවි කර ඇති අතර, කාසි 25ක ප්‍රමාණයක් ඩොලර් 61කටත්, කාසි 100ක ප්‍රමාණයක් ඩොලර් 154.50ක මිලකටත් අලෙවි කර තිබෙනවා. මෙහි ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් අලෙවිය ආරම්භ කර පැය කිහිපයක් ඇතුළත එහි සමස්ත තොගයම අලෙවි වී අවසන් වූ බව වාර්තා වෙනවා. 

බැලූ බැල්මට රන් පැහැයෙන් දිස් වුවද මෙම කාසිවල සැබෑ රත්‍රන් අඩංගු නොවන අතර, මේවායින් සියයට 88.5ක් තඹවලින් සමන්විත වන අතර ඉතිරිය සින්ක්, මැංගනීස් සහ නිකල් සංරචකවලින් සමන්විත වේ.

අමෙරිකානු නීති පද්ධතියට අනුව ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ රුව ඇතුළත් කර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම දැඩි ලෙස තහනම් කර ඇත. කෙසේ වෙතත්, කාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය මීට වඩා වෙනස් ස්වභාවයක් ගන්නා බැවින් මෙම කාසිය නිකුත් කිරීම සඳහා නීතිමය ඉඩකඩ ලැබී තිබෙනවා. 

මීට පෙර 1926 වසරේදී අමෙරිකාවේ 150 වැනි සංවත්සරය සැමරීම සඳහා නිකුත් කරන ලද කාසියකද එවකට ජීවත්ව සිටි ජනාධිපති කැල්වින් කූලිජ්ගේ රුව ඇතුළත් කර තිබිණි. ඒ අනුව, හරියටම වසර 100කට පමණ පසුව ජීවත්ව සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ රුව මුද්‍රිත කරමින් මෙවැනි සමරු කාසියක් නිකුත් කිරීම සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකේ.
0%
0%
0%
0%
Comments