ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ ආදරණීය සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා, මෙරට සිනමාවට සජීවීකරණ සහ දෘශ්‍ය ප්‍රයෝග (Special Effects) කලාව හඳුන්වා දුන් අසහාය පුරෝගාමියෙකි.
එතුමා 1979 වසරේදී තිරගත වූ අමරණීය නිර්මාණයක් වන දුටුගැමුණු චිත්‍රපටය හරහා ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයට ප්‍රථම වතාවට සජීවීකරණ කාටූන් චිත්‍රපටයක් දයාද කළා.
චිත්‍ර කලාව, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ආදී ක්ෂේත්‍ර රැසක ස්වකීය ප්‍රතිභාපූර්ණ සලකුණ තැබීමට ඔහු සමත් විය. එපමණක් නොව, සිනමා තාක්ෂණය සහ භාෂාව පිළිබඳ හැදෑරීමේදී අදටත් අත්වැලක් වන සිනමා මයා නම් අනර්ඝ ග්‍රන්ථය රචනා කරමින් සාහිත්‍ය හා සිනමා ක්ෂේත්‍රයටද ඔහු කළ සේවය අනුස්මරණීයය.