ads
Lifestyle

මේ දැඩි උණුසුමෙන් ඔබේ සම ආරක්ෂා කර ගන්නේ කොහොමද?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මේ දවස්වල පවතින අධික උණුසුම් කාලගුණයත් සමඟ අපේ සමට සිදුවන බලපෑම ඉතා දරුණුයි. දැඩි අව් රශ්මිය සහ පාරජම්බුල කිරණ නිසා සම කළු වීම පමණක් නොව, සම වියළීම, කුරුලෑ ඇති වීම, රෝමකූප විවෘත වීම සහ දැවිල්ල වැනි ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා.ගෙදරදීම පහසුවෙන් සොයාගත හැකි ස්වාභාවික ද්‍රව්‍ය භාවිතයෙන් මෙම ගැටලුවලට සාර්ථක විසඳුම් ලබා ගන්නේ කෙසේදැයි දැන් අපි බලමු.

කෝමාරිකා සහ පිපිඤ්ඤා මගින් සමට ලැබෙන සිසිලස

අධික උණුසුම නිසා දැවිල්ලට ලක් වූ සමට ක්ෂණික සහනයක් ලබා දීමට කෝමාරිකා සහ පිපිඤ්ඤා යුෂ කදිම ඔසුවකි. නැවුම් කෝමාරිකා මද ස්වල්පයක් සහ පිපිඤ්ඤා යුෂ මේස හැන්දක් එකතු කර මුහුණේ ආලේප කර මිනිත්තු විස්සක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙයින් සමට අවශ්‍ය තෙතමනය ලැබෙන අතර, අව් රශ්මියෙන් පුච්චන ලද සම නැවත ප්‍රාණවත් කර දීමට උපකාරී වේ. දිනපතා මෙම සරල පිළියම කිරීම මඟින් සමේ පැහැපත් බව ආරක්ෂා කරගත හැක.

මීපැණි සහ දෙහි යුෂ

රස්නේ කාලෙට සමේ කුරුලෑ ඇති වීමද බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මේ සඳහා පිරිසිදු මීපැණි තේ හැන්දකට දෙහි යුෂ බිංදු කිහිපයක් එකතු කර මුහුණේ ආලේප කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැක. මීපැණි මඟින් සම තෙතමනය රඳවා ගන්නා අතර, දෙහි යුෂ වල ඇති ප්‍රතිබැක්ටීරියා ගුණ මඟින් කුරුලෑ පාලනය කර විවෘත වූ රෝමකූප තද කිරීමට සහයෝගය සපයයි. මෙය ආලේප කර මිනිත්තු පහළොවකට පසු මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා හරින්න.

අයිස් කියුබ් සහ රෝස වතුර 

your image

පිරිසිදු රෝස වතුර අයිස් ට්‍රේ එකකට දමා අයිස් කියුබ් සාදාගන්න. ඉන්පසු මෙම අයිස් කියුබ් එකක් පිරිසිදු රෙදි කඩක ඔතා මුහුණ පුරා මෘදු ලෙස සම්බාහනය කරන්න. මෙය විවෘත වූ රෝමකූප තද කිරීමටත්, සමට මනා රුධිර සංසරණයක් ලබා දී නිරෝගී දීප්තියක් ගෙන ඒමටත් කදිම ක්‍රමයකි.

sunscreen අමතක කරන්න එපා

your image

විශේෂයෙන්ම උෂ්ණාධික කාලයේ දී මෙය ඔබ අමතක නොකළ යුතුම කාරණාවක්.ඔබේ මුහුණ , අත් සහ පාද ඇතුළු හිරු එළියට නිරාවරණය වන සම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යම කාරණාවක්. අධික පාරජම්බුල කිරණ ඔබේ සමට දැඩි ලෙස හානි පමුණුවන්නට පුළුවන්. සමේ රැලි ඇතිවීම , සම පිළිස්සීම , සම මත කැළැල් හටගැනීම , සම වියපත් වීම ඉක්මන් කරවීම වැනි තත්ත්වයන් ඇති විය හැකි නිසා ඔබ පිටතට යාමේදී ඉතා හොඳ sunscreen එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා.

your image

අපේ සම සඳහා බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් පෝෂණය සහ සත්කාර අවශ්‍ය වෙනවා. අධික උෂ්ණය සහිත කාල වලදී ඔබට කළ හැකි තවත් එක විශේෂ දෙයක් නම් ඉතා හොඳින් වතුර පානය කිරීමයි. ඊට අමතරව තැඹිලි , පිපිඤ්ඤා යුෂ , පොල් වතුර , පළතුරු යුෂ වුවත් පානය කරන්න ඔබට පුළුවන්. ඒවා ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමට , ඔබේ ශරීරයෙන් විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමට වගේම රස්නය අධික කාලයේදී ප්‍රබෝධමත් වීමටත් වැදගත් වෙනවා. තවද උෂ්ණාධික කාලයකදී වුණත් ඔබේ නීරෝගීව සහ පැහැපත්ව පවත්වාගෙන යා හැකි ඉතා හොඳ ක්‍රමයක් තමයි ඔබේ ආහාර වේලට නැවුම් එළවළු සහ පලතුරු එකතු කර ගැනීම.

මෙම ස්වාභාවික පිළියම් දිනපතා හෝ සතියකට කිහිප වතාවක් නිසි පරිදි කිරීමෙන්, මෙම දැඩි උණුසුම් කාලගුණය හමුවේ වුවද ඔබේ සම නිරෝගීව, පැහැපත්ව සහ තරුණ ලෙස තබා ගැනීමට හැකි වනු ඇත.

0%
0%
0%
0%
Comments