ads
Lifestyle

ඔබ දවසේ වැඩි වෙලාවක් වාඩිවෙලාද?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අද වන විට අපෙන් බොහෝ දෙනෙකුට දවසේ වැඩි කාලයක් ගත කරන්න සිදු වෙන්නේ වාඩි වෙලා. කාර්යාලයේ මේසය මත වැඩ කිරීම, පරිගණකය භාවිතය, ඔන්ලයින් රැස්වීම්වලට සම්බන්ධ වීම හෝ දිගු වේලාවක් වාහනවල ගමන් කිරීම නිසා අපේ සිරුර වැඩි වේලාවක් එකම ඉරියව්වක රඳවා ගැනීමට සිදුවෙනවා.

නමුත් මේ පුරුද්ද අපේ සිරුරට සහ සෞඛ්‍යයට ඇති කරන්නේ අහිතකර බලපෑමක්. දිගු වේලාවක් නොනවත්වා වාඩිවී සිටීමෙන් අපේ සිරුරේ ඉරියව් පිරිහීම, ශක්තිය අඩුවීම, රුධිර සංසරණය මන්දගාමී වීම මෙන්ම දිගුකාලීන සෞඛ්‍ය ගැටලු මතුවීමට පුළුවන්.

සරල පුරුද්දකින් වෙනස් කරගන්නා සෞඛ්‍ය සම්පන්න දිවිය

මේ තත්ත්වය මඟහරවා ගැනීමට ඔබට කිසිදු දැඩි පරිශ්‍රමයක් දැරීමට අවශ්‍ය වන්නේ නැහැ. එය ඉතා සරල පියවරකින් විසඳා ගත හැකියි. ඔබ කළ යුත්තේ සෑම පැය භාගයකටම වරක් විනාඩි 2ත් 3ත් අතර කාලයක් වෙන් කර ශරීරය ටිකක් චලනය කිරීමයි. 

මේ සඳහා විශේෂ ජිම් උපකරණ හෝ විශේෂ ඇඳුම් අවශ්‍ය වන්නේ නැහැ. ඔබ සිටින තැනම සිට මේ සරල වෙනස්කම් ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්න පුළුවන්.

ඔබට කළ හැකි දේ:

• පුටුවෙන් නැගිටින්න

• බෙල්ල, උරහිස් සහ පිටුපස සරලව දිගහැරන්න

• කාමරයේ හෝ කාර්යාලයේ ටිකක් ඇවිදින්න

• වතුර බෝතලය පුරවාගන්න යන්න

• දුරකථන ඇමතුමක් ගන්න විට නැගිටලා සිටින්න

• හැකි විට පඩිපෙළ භාවිත කරන්න

දවස තුළ කරන මේ ඉතා කෙටි ක්‍රියාකාරී විරාම ඔබේ සිරුරට මහත් සහනයක් ගෙන දෙනවා. එය ඔබට වඩාත් ප්‍රබෝධමත්ව හා සතුටින් දවස ගත කිරීමට මෙන්ම සෞඛ්‍යමත් වැඩ රටාවක් ගොඩනගා ගැනීමටත් මහඟු රුකුලක් වෙනවා. එනිසා, අද සිටම දිගු වේලාවක් වාඩිවී සිටීම අතරමැදිව බිඳ දමන්න. නිතර නිතර ටිකක් චලනය වෙමින් ඔබේ සෞඛ්‍ය රැකගන්න.

0%
0%
0%
0%
Comments