ads
Travel

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩු මිල ගුවන් සේවයක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ අඩු ගාස්තු ගුවන් සේවයක් වන "ජෙට්ස්ටාර්" (Jetstar) සමාගම විසින් මෙල්බර්න් සහ කටුනායක අතර සිය මංගල සෘජු ගුවන් ගමන් වාරය ඊයේ සාර්ථකව ආරම්භ කළා.

your image

මෙම සුවිශේෂී ගමන සඳහා අති නවීන බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් (Boeing 787 Dreamliner) ගුවන් යානයක් යොදාගෙන තිබූ අතර, මගීන් 271 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය රැගත් මෙම ප්‍රථම යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වීමත් සමඟ සම්ප්‍රදායානුකූල ජල ආචාරයකින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. 

සංචාරකයන්ට වඩාත් මිත්‍රශීලී සහ පහසු අත්දැකීමක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම නව ගුවන් සේවය යටතේ සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල මෙල්බර්න් සහ කටුනායක අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිතයි. 

your image

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවට ළඟීමට ගත වන්නේ පැය 10 ක පමණ කාලයක් වන අතර, අඩු වියදමකින් ඕස්ට්‍රේලියාවට යන්නට බලාපොරොත්තු වන සංචාරකයන්ට මෙය කදිම අවස්ථාවක්.

your image


මෙම මංගල ගුවන් යානය පිළිගැනීමේ උත්සවය කටුනායක ගුවන් තොටුපොළේ "සිල්ක් රූට්" මගී පර්යන්තයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති මැතිව් ඩක්වර්ත් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

0%
0%
0%
0%
Comments