ads
Lifestyle

උණුසුම් කාලගුණයෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමට මේ පියවර අනුගමනය කරන්න

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
පවතින උණුසුම් කාලගුණයත් සමඟ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන දෙමාපියන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාලයක් දැන් උදා වී තිබෙනවා. පාසල් නිවාඩු සමය නිසා දරුවන් වැඩිපුර එළිමහනේ ක්‍රීඩා කිරීමට නැඹුරු වුණත්, මේ දිනවල පවතින දැඩි අව් රශ්මිය නිසා ඔවුන් විජලන තත්ත්වයන්ට පත්වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

දිගු වේලාවක් අව්වේ සෙල්ලම් කිරීමෙන් ශරීරයට දැඩි බලපෑම් ඇති විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී කම්පන තත්ත්වයන් මෙන්ම හෘදය වස්තුවට සහ මොළයට පවා හානි සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙනවා.

විජලනයේ මූලික ලක්ෂණ හඳුනා ගනිමු


හිසරදය, වමනය, ඇඟපත රිදීම, නිදිමත ගතිය, අපහසුතාව, ආහාර අරුචිය මෙන්ම මුත්‍රා තද පැහැවීම වැනි ලක්ෂණ මඟින් දරුවා විජලනයට ලක්ව ඇති බව පහසුවෙන්ම වටහාගත හැකියි. මේ නිසා එළිමහනේ ක්‍රීඩා කරන දරුවන්ට නිතරම ප්‍රමාණවත් පරිදි ජලය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් වනවා.

ස්වභාවික පාන වර්ග


සාමාන්‍ය ජලයට අමතරව තැඹිලි වතුර, ජීවනී, දෙහි, දොඩම්, අඹ, දෙළුම්, කැඳ සහ විවිධ සුප් වර්ග වැනි ස්වභාවික දියර වර්ග දරුවන්ට ලබාදීමෙන් ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය රැක ගැනීමට මහත් රුකුලක් ලැබෙනවා. දවස පුරා දරුවා හොඳින් ජලයෙන් පෝෂණය කර තබා ගැනීම උණුසුම් කාලගුණයට මුහුණ දීමට ඇති හොඳම විසඳුමයි.

අනුගමනය කළ යුතු සරල ආරක්ෂිත පියවර


හිරු මුදුන් වන වේලාවන්හිදී දරුවන් සරල කපු ඇඳුම් ඇඳීම, හිස් වැසුමක් භාවිත කිරීම සහ හැකිතාක් ගස් සෙවණක් වැනි සිසිල් ස්ථානයක විවේක ගැනීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත් වනවා. නිවාඩු කාලය නිසා නිවෙස්වල වැඩිපුර රැඳී සිටින දරුවන්ගේ දෛනික කටයුතු සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දෙමාපියන් මීට වඩා කල්පනාකාරී විය යුතුයි.

0%
0%
0%
0%
Comments