ads
Travel

චීනයේ ෆුජියන් පළාතේ සංචාරක අත්දැකීම් අලුත් කළ වුයිෂාන් දුම්රිය ගමන

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
චීනයේ සුන්දර ෆුජියන් පළාතේ වුයි කඳුකර ප්‍රදේශය අරුම පුදුම ස්වභාවික සෞන්දර්යයකින් සහ පොහොසත් ඉතිහාසයකින් අනූන ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධයි. ස්වභාවධර්මයේ අසිරිමත් සමබරතාව මනාව විදහා දැක්වෙන මේ අපූරු බිම්කඩෙහි සංචාරය කරන්නන්ට තවත් එක් අමතක නොවන අත්දැකීමක් එකතු කරමින් අලුත්ම සංචාරක දුම්රියක් දැන් මෙහි ධාවනය කර තිබෙනවා.

වුයිෂාන් ජාතික උද්‍යාන සංචාරක දුම්රිය ලෙස නම් කර ඇති මෙම Y513 දඩබ්බර දුම්රිය, වුයිෂාන් දුම්රිය ස්ථානයේ සිට ෆුජෝව් වෙත සිය පළමු පරීක්ෂණ ධාවනය සාර්ථකව සිදු කර අවසන්.

මෙම දුම්රිය සම්පූර්ණයෙන්ම වෙනස්ම අත්දැකීමක් ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබෙනවා. සාම්ප්‍රදායික වාෂ්ප එන්ජිමකින් සහ අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද මැදිරි අටකින් සමන්විත මෙම දුම්රිය අතීත යුගයක මතකයන් යළිත් මතු කරන අපූරු නිර්මාණයක්. 

දුම්රිය මැදිරි තුළ ප්‍රධාන තේමා කලාප පහක් ඇතුළත් කර ඇති අතර, එයින් සංචාරකයින්ට දේශීය සංස්කෘතිය සහ ස්වභාවධර්මය එකම තැනකදී විඳගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

මෙම දුම්රිය සංචාරය හරහා සංචාරකයින්ට රතු කඳු මුදුන්වල මනරම් දසුන් මෙන්ම පැහැදිලි ජල ධාරාවල සිසිලස විඳගැනීමේ භාග්‍යය ලැබෙනවා. ඊට අමතරව, පුරාණ තේ සංස්කෘතියේ අපූරු රස සහ ඉතිහාසය මෙන්ම වනාන්තර කඳුකරයේ චමත්කාරජනක පරිසරය අත්විඳීමටත් මෙහිදී පුළුවන්. දවසේ කාර්යබහුල ජීවිතයෙන් මදකට මිදී, සොබාදහමේ සැබෑ සුවය විඳින්න කැමති සංචාරකයින්ට මෙය නම් අපූරු අවස්ථාවක් වී තිබෙනවා.

0%
0%
0%
0%
Comments