ads
Feature

ඉන්දු-අමෙරිකා අභ්‍යවකාශ සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර අභ්‍යවකාශ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන චන්ද්‍ර පදනම් වැඩසටහනට එක්වන ලෙස ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට නිල ආරාධනයක් හිමිව තිබෙනවා. යළිත් වරක් මිනිසුන් සඳ මතට යැවීම සහ එතැන ස්ථිර ජනාවාසයක් පිහිටුවීමේ තීරණාත්මක අරමුණ ඇතිව අමෙරිකාව මෙම වැඩසටහන මෑතකදීයි ආරම්භ කර ඇත්තේ.

බෙංගලූරු සාකච්ඡා සහ ආර්ටෙමිස් ගිවිසුම


අගෝස්තු 5 සහ 6 යන දිනවල බෙංගලූරු හිදී පැවැත්වුණු ඉන්දු-අමෙරිකානු සිවිල් අභ්‍යවකාශ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 9 වන රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් ද මෙම හමුව ඇමතුවා. ඉන්දියාව 2023 වසරේදී ඇමෙරිකාව ප්‍රමුඛ අභ්‍යවකාශ සංධානයක් වන ආර්ටෙමිස් ගිවිසුම වෙත අත්සන් තැබූ අතර, චන්ද්‍රයා ඇතුළු බාහිර අභ්‍යවකාශයේ සිවිල් ගවේෂණයන් පාලනය කෙරෙන පොදු මූලධර්ම සමූහයකට කැපවීම මෙම ගිවිසුමේ මූලික අරමුණක් වෙනවා. ඉන්දියාව මෙම ගිවිසුමට එක්වන විට එහි 27 වන සාමාජිකයා වූ අතර, මේ වන විට ලොව පුරා රටවල් 70ක් ඊට එක්ව තිබෙනවා.

දත්ත හුවමාරුව සහ ද්විපාර්ශ්වික සබඳතා

දෙරට අතර පවතින ආර්ටෙමිස් ගිවිසුමේ සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, නාසා ආයතනය විසින් ඉස්රෝ ආයතනයට සිය මූන් බේස් වැඩසටහනට එක්වීමට ආරාධනා කළ බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. එමෙන්ම, මෙම ගිවිසුම යටතේ විවෘත විද්‍යාත්මක දත්ත හුවමාරු කරගැනීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ද දෙපාර්ශ්වයම එකඟතාව පළ කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ දෙරටේ අභ්‍යවකාශ ආයතන අතර පවතින සබඳතාව නොසිතු ලෙස සමීප වී තිබෙනවා.

මානව අභ්‍යවකාශ ගමන් සහ අනාගත අපේක්ෂා

ඉන්දියාව ආර්ටෙමිස් ගිවිසුමට එක්වූ එම වසරේම, මානව අභ්‍යවකාශ ගමන් සහයෝගීතාව සඳහා වූ මූලෝපායික රාමුවක් සකස් කිරීමට ද දෙරට එකඟ වුණා. එම වැඩසටහනට අනුව, පෞද්ගලික අංශය මගින් මෙහෙයවනු ලබන අභ්‍යවකාශ මෙහෙයුම් හරහා ඉන්දීය ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමේ අරමුණින් ඔවුන්ට සිය පර්යේෂණාගාර තුළ උසස් පුහුණුවක් ලබා දීමට නාසා ආයතනය පියවර ගත්තා. 2025 වසරේදී ඉන්දීය ගගනගාමී ශුභාන්ෂු ශුක්ලා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට පදනම වැටුණේ ද මෙම එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙසින් වන අතර, එය ඉදිරි අභ්‍යවකාශ ජයග්‍රහණ සඳහා කදිම නිදසුනක් වී තිබෙනවා

0%
0%
0%
0%
Comments