ads
Feature

ළමා ලෝකයට ආදරණීය සහකරුවෙක්: හැඟීම් තේරුම් ගන්නා චීනයේ නවතම රොබෝ පැන්ඩා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දරුවන්ගේ හිතේ හැඟීම් තේරුම් අරගෙන, ඔවුන්ට හොඳ පුරුදු උගන්වන්න පුළුවන් අපූරු තාක්ෂණික හිතවතෙක් චීනයේ Hangzhou නුවරදී එළිදක්වා තිබෙනවා. ඒ, මිනිස් ස්පර්ශය සහ හැඟීම් කියවීමේ අපූරු හැකියාවෙන් යුතුව නිර්මාණය කළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් ක්‍රියාත්මක රොබෝ පැන්ඩෙක්.

පිටතින් බැලූ බැල්මට ඉතාමත් ආදරණීය සහ සුරතල් පෙනුමකින් යුත් මෙම රොබෝ පැන්ඩා, වර්ධනය වන දරුවන්ට අවශ්‍ය කරන මානසික සහාය ලබා දීමට විශේෂයෙන්ම හැඩගස්වා තිබීම විශේෂත්වයකි. නවීන ස්මාර්ට් සංවේදන තාක්ෂණය භාවිත කර ඇති නිසා, දරුවන්ගේ මනෝභාවයන් සහ හැඟීම් තේරුම් ගනිමින් ඔවුන්ට සැනසීමක් සහ සතුටක් ගෙන ඒමට මෙම රොබෝවරයාට හැකියාව තිබෙනවා.

your image

ඒ වගේම දරුවන්ට අවශ්‍ය මානසික සහාය ලබා දෙමින්, ඔවුන්ට හොඳ පුරුදු කියා දීමටත්, විනෝදයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමටත් මෙහි ඇති ස්මාර්ට් සංවේදන තාක්ෂණය මඟින් විශාල පහසුකම් සලසා දී තිබෙනවා.

අද වන විට වේගයෙන් වර්ධනය වන ලෝකයේ දරුවන්ගේ මානසික සුවතාව සහ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා මෙම රොබෝ පැන්ඩා කදිම විසඳුමක් වනු ඇති බවයි තාක්ෂණ විශේෂඥයින් විශ්වාස කරන්නේ.

0%
0%
0%
0%
Comments