ads
Entertainment

ට්ලේර් ස්විෆ්ට්ගේ තවත් අපූරු කඩඉමක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ටේලර් ස්විෆ්ට් නැෂ්විල් ගීත රචකයන්ගේ කීර්තිමත් නාමාවලියට ඇතුළත් කර තිබෙනවා. ඒ, එහි ඉතිහාසයේ එම ගෞරවයට පාත්‍ර වූ ලාබාලම ගීත රචිකාව ලෙස ඉතිහාසගත වෙමින්.
වයස අවුරුදු 36ක් වන මෙම සුපිරි පොප් සහ කන්ට්‍රි සංගීත ශිල්පිනිය, සමකාලීන ගීත රචක/ශිල්පී කාණ්ඩය යටතේ මෙලෙස තෝරාගෙන ඇත්තේ ඇයගේ ප්‍රථම ගීතය වන "Tim McGraw" එළිදැක්වීමෙන් වසර 20කට පසුව වීම විශේෂත්වයකි.

බෙල්මොන්ට් විශ්වවිද්‍යාලයේ පැවති මෙම විශේෂ නිවේදනය කිරීමේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වුවද, ටේලර් ස්විෆ්ට් විසින් විශේෂ ලිපියක් යොමු කර තිබුණි. එහිදී ඇය තරුණ වියේදී නැෂ්විල් නගරයට පැමිණ තම සංගීත ගමන ආරම්භ කළ අතීත මතකයන් ඉතා ආදරයෙන් සිහිපත් කර ඇත.

පවුලේ අය සමඟ යොවුන් වියේදී නැෂ්විල් වෙත පිවිසි ඇය, කන්ට්‍රි සංගීත ක්ෂේත්‍රය තුළ සිය අනාඩිය සකස් කර ගත්තාය. ඇයගේ ප්‍රථම ස්වයං-නාමික ඇල්බමය 2006 වසරේදී එළිදැක්වීමත් සමඟ ඇයගේ අති සාර්ථක සංගීත ගමන ආරම්භ වූ අතර, පසුව එය කන්ට්‍රි සංගීතයෙන් ඔබ්බට පොප් සහ ෆෝක් සංගීත ධාරාවන් වෙතද ව්‍යාප්ත වුණා.

මෙම නැෂ්විල් ගෞරවයට අමතරව, නිව්යෝක් හි පැවති ගීත රචකයන්ගේ කීර්තිමත් නාමාවලියට ද මේ වසරේදී ඇතුළත් වීමට ඇයට හැකි වුණා. එහිදීද ඇය එම සම්මානය ලැබූ ලාබාලම කාන්තාව ලෙස වාර්තා අතරට එක් වුණා.

2026 වසරේ නැෂ්විල් ගීත රචකයන්ගේ නාමාවලියට ටේලර් ස්විෆ්ට් සමඟින් ලයිල් ලොවට් (Lyle Lovett), ෂෝන් කැම්ප් (Shawn Camp), ලී තෝමස් මිලර් (Lee Thomas Miller) සහ බෲස් චැනල් (Bruce Channel) යන ප්‍රවීණයෝද ඇතුළත් වෙනවා. මෙම නව සාමාජිකයන් නිල වශයෙන් ඇගයීමට ලක්වන 56 වැනි වාර්ෂික සැමරුම් උළෙල මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිතයි. 
0%
0%
0%
0%
Comments