ads
Entertainment

දේශීය අනන්‍යතාව රැගෙන ලෝක රූ රැජින වේදිකාවට ගිය ප්‍රතිභා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
'මිස් වර්ල්ඩ් 2026' ගෝලීය රූ රැජින වේදිකාව මේ වන විටත් ලෝකයේම අවධානය දිනාගෙන ඇති අතර, එහි අභිමානවත් ලාංකේය නියෝජනය ලෙසින් පෙරමුණ ගෙන සිටින්නේ අතිශය ප්‍රතිභාපූර්ණ රූමතියක වන ප්‍රතිභා ලියනාරච්චියි.

ජාත්‍යන්තර තරග බිමේ ඇය තබන මෙම ආකර්ෂණීය පියවර නිසා මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ ඇය පිළිබඳ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම, මෙම අසමසම තරගාවලියේ ඇයගේ පළමු නිල දැක්ම සහ ආරම්භක උත්සවය සනිටුහන් කරමින් ඇය හැඩගැසී සිටි අපූරු විලාසිතාව ලෝකයේම ප්‍රසාදයට ලක්වුණා.

ශ්‍රී ලංකාවට ආවේණික වූ මයුරාගේ අනන්‍යත්වය අලංකාරය සහ වර්ණ රටාවන් මැනවින් විද්‍යාමාන වන අපූර්ව ඔසරි විලාසිතාවකින් සැරසී සිටි ඇය, ලාංකේය අනන්‍යතාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉතා අභිමානවත් ලෙස ඔසවා තැබුවා.

දේශීය සංස්කෘතියේ අපූරු අංගයන් නවීන විලාසිතා ප්‍රවණතා සමඟ මැනවින් මුසු කරමින් ඇය තැබූ මේ සුන්දර ආරම්භය, විදෙස් මාධ්‍ය හා විලාසිතා විචාරකයන්ගේ ද විශේෂ පැසසුමට ලක්ව ඇත.ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම ලෝකවාසී විලාසිතා ලෝලීන්ගේ ද දැඩි ආකර්ෂණය දිනා ගනිමින් ඉදිරියට ඇදෙන ප්‍රතිභාගේ මෙම ගමන, ශ්‍රී ලංකාවට තවත් අභිමානවත් පරිච්ඡේදයක් එක් කරනු නිසැකයි.

your image

your image

your image

your image

0%
0%
0%
0%
Comments