ads
Feature

අංශක 360ක දිය යට ලෝකයක අපූර්වත්වය මවන බැංකොක් ඩිජිටල් ප්‍රදර්ශනය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
බැංකොක් නුවරදී පසුගිය දා පැවැත්වුණු 'Young Rak Talay: Sea The Change - Shape A New Ocean With Our Hands' ඩිජිටල් සමුද්‍ර සංරක්ෂණය ප්‍රදර්ශනය මේ වන විට පරිසර හිතකාමී තරුණ ප්‍රජාව අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

your image


තායිලන්තයේ මුහුද සහ සමුද්‍රීය පරිසර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කරගත් මෙම අපූරු ප්‍රදර්ශනය, නරඹන්නන්ට සම්පූර්ණයෙන්ම වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබා දීමට සමත්වී තිබෙනවා.

මෙම ප්‍රදර්ශනයේ ඇති විශේෂිතම විශේෂාංගය වන්නේ අංශක 360ක ආකර්ෂණීය දසුන් හරහා දිය යට ලෝකයේ සැබෑ අත්දැකීමක් විඳගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා වීමයි. 

your image


නව තාක්ෂණය උපකාරී කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ඩිජිටල් අත්දැකීම හරහා මුහුදු පතුලේ සුන්දරත්වය මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා එහි සිදුවී ඇති විනාශය ද ඉතා පැහැදිලිව දැකගන්නට පුළුවන්.

විශේෂයෙන්ම, තායිලන්තයේ මුහුද රැකගැනීම සඳහා දිවි කැප කරමින් කටයුතු කරන පුද්ගලයන්ගේ ආදර්ශමත් කතාන්දර මෙම ප්‍රදර්ශනයට එකතු කර තිබෙනවා. 

your image


අපේ පෘථිවියේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් සාගර සංරක්ෂණය අත්‍යවශ්‍ය සාධකයක් වන අතර, මෙවැනි නිර්මාණශීලී ප්‍රදර්ශන හරහා ලෝකවාසීන්ගේ සිත් තුළ පරිසරයට ඇති ආදරය තවදුරටත් ඔප්නැංවීම සැබවින්ම අගය කළ යුත්තක් බවයි සංවිධායකයින් පවසන්නේ.
0%
0%
0%
0%
Comments