මෙම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය මිලියන 37.79ක මගීන් පිරිසක් රැකගත් ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළට හිමිව ඇති අතර, සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ මිලියන 34.53ක මගීන් ප්‍රමාණයක් සමඟ තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
මීට පෙර 2024 සහ 2025 වසරවල දෙවන ස්ථානයේ වැජඹුණු ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ මෙවර පළමු පස් දෙනා අතරින්ද පහළට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෑතකදී ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මැදපෙරදිග ගුවන් සේවා මධ්‍යස්ථානවල සංචාරක ගමනාගමන රටාවල යම් බාධා ඇති විය. ඒ හරහා ඩුබායි වැනි ප්‍රදේශ හරහා යුරෝපය වෙත ගමන් කළ මගීන්ගෙන් කොටසක් මේ වන විට සිය ගමන් මාර්ගය ඉන්චොන් වෙත හරවා යැවීම මෙම හදිසි පිම්මට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
ඒ අනුව, වෙනත් ගමනාන්ත වෙත යාම සඳහා ඉන්චොන් හරහා ගමන් කළ මගීන්ගේ සංඛ්‍යාව සියයට 18ක වර්ධනයක් පෙන්වා ඇති අතර, යුරෝපීය ගමනාන්ත වෙත ගිය මගීන්ගේ වැඩිවීම සියයට 63.2ක්. ගුවන් තොටුපළ යටිතල පහසුකම් පුළුල් කිරීම මෙන්ම ජාත්‍යන්තර ගමනාන්ත 158කට සේවාවන් සැපයීමේ හැකියාවද මෙම සාර්ථකත්වයට විශාල රුකුලක් වී තිබෙනවා.