ads
Entertainment

"ආදරණීය තරුවක්" ආදරය අරගෙන රාජකීය ගමනක

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකීය සිනමා ලෝලීන්ගේ දැඩි ආකර්ෂණය දිනාගනිමින්, තිරගත කිරීම් ආරම්භ කළ මුල් දින 04 ඇතුළතදී ම රුපියල් ලක්ෂ 150කට අධික දැවැන්ත බොක්ස් ඔෆිස් (Box Office) ආදායමක් වාර්තා කිරීමට "ආදරණීය තරුවක්" සිංහල සිනමාපටය සමත් වී තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වන්නේ කලා ලෝකයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් වන සාරංග දිසාසේකර සහ ශනුද්‍රි ප්‍රියසාද් සමඟින් ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න විසිනි. ඔවුන්ගේ අපූර්ව රංගන ප්‍රතිභාව සහ තිරයේ ඇති රසාස්වාදය ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් ගෙන ඒමට සමත් වී ඇති බව පෙනෙන්නට තිබෙන්නේ.

දිල්ශාන් අමරසිංහගේ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු මෙම සිනමාපටය නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රධාන රංගන ශිල්පී සාරංග දිසාසේකර විසින්ම වීම විශේෂත්වයකි.

ප්‍රවීණ මෙන්ම නවක නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් හැඩවෙන මෙම සිනමාපටයට සනත් ගුණතිලක, රොශාන් පිලපිටිය, චානුක ප්‍රබුද්ධ, දේශානි නෙහාරා, කින්ග් රත්නම් සහ මියෝනා ද සිල්වා ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වෙයි.

0%
0%
0%
0%
Comments