ads
Feature

ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ බෙයිජිංහිදී

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අපේ අනාගතය කොයි වගේ වෙයිද කියලා හිතාගන්න බැරි තරමට තාක්ෂණය දියුණු වන යුගයක, ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ (World Humanoid Robot Sports Games) දෙවන වරටත් අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එළඹෙන අගෝස්තු මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා චීනයේ බෙයිජිං නුවරදී මෙම අපූරු ක්‍රීඩා උලෙළ පැවැත්වීමට නියමිතයි.

මිනිසුන් පමණක් තරග වැදෙන සාම්ප්‍රදායික ක්‍රීඩා උලෙළවල් මෙන් නොව, මෙහිදී මුළුමනින්ම දැකගන්නට ලැබෙන්නේ කෘත්‍රිම බුද්ධියෙන් සහ අතිනූතන තාක්ෂණයෙන් පෝෂණය වූ රොබෝවරුන්ගේ දක්ෂතායි. 

මීටර් 100 ස්ප්‍රින්ට් ධාවන තරග, මානව-රොබෝ සටන් තරග, තියුණු මේස පන්දු තරග, බර එසවීම මෙන්ම කැලඹිලිකාරී පාපන්දු තරග ආදී විවිධ උද්වේගකර ඉසව් රැසකින් මෙම ක්‍රීඩා උලෙළ සමන්විත වෙනවා.

විශේෂයෙන්ම, නවීන වීදි නැටුම් සහ විස්මිත සාම්ප්‍රදායික සටන් කලාවන් මානවරූපී රොබෝවරුන් විසින් මෙහිදී ඉදිරිපත් කිරීම ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානය දිනාගන්නා ප්‍රධාන අංගයක් වනු නොඅනුමානයි. 

ක්‍රීඩාවට අමතරව, ගෘහාශ්‍රිත සේවා, කාර්මික නිෂ්පාදන සහ හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් වැනි අපේ දෛනික ජීවිතයට සහ කර්මාන්තවලට දැඩි ලෙස බලපාන අවස්ථා නිරූපණය කරන සැබෑ අභියෝගාත්මක ඉසව් ද මෙයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

0%
0%
0%
0%
Comments