ads
Feature

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ත්‍රිභාෂා සාහිත්‍ය උළෙල

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලංකාවේ සාහිත්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයටම එක හා සමාන ඉඩක් වෙන් කරන ප්‍රථම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන කොළඹ සාහිත්‍ය සමය හෙවත් "Colombo Literary Festival 2026" ඊයේ (24) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් අයුරින් නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා.

කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම සුවිශේෂී උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ප්‍රකට ඉන්දීය දේශපාලනඥයෙකු සහ ලේඛකයෙකු වන ආචාර්ය ශෂී තරූර්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ උළෙල අධ්‍යක්ෂ ප්‍රදීප් සමරනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණා. 

Colombo Literary Festival ආයතනය මගින් සංවිධානය කර ඇති මෙම දැවැන්ත උළෙල මෙරට ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතන 5 ක එකමුතුවෙන් මෙහෙයවනු ලබන අතර, සාමාන්‍ය පොත් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගොස් සංස්කෘතික අත්දැකීම් රාශියක් රසිකයන් වෙත සමීප කිරීමට නියමිතයි. 

ජුලි 24 සිට 29 වන දින දක්වා සෑම දිනකම පෙ.ව. 9:00 සිට ප.ව. 9:00 දක්වා මෙම උළෙල කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් (Arcade Independence Square) පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලාංකීය සාහිත්‍යය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම මෙන්ම විවිධ භාෂා කතා කරන ලේඛකයන් සහ පාඨකයන් එකම වහලක් යටට එකතු කිරීම මෙහි මූලික අරමුණ වී තිබෙනවා.

0%
0%
0%
0%
Comments