ads
Feature

දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට වියට්නාමයෙන් නව නීති

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ගතයන් පළ කිරීම , අදහස් දැක්වීම හෝ ප්‍රතිචාර දැක්වීම තහනම් කිරීමට වියට්නාම් රජය විසින් නව නීති මාලාවක් සකස් කර තිබෙනවා.

මෙම යෝජිත නීති යටතේ, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට අයත් සමාජ මාධ්‍ය ගිණුම් දෙමාපියන්ගේ හෝ නීත්‍යානුකූල භාරකරුවන්ගේ තොරතුරු මඟින් ලියාපදිංචි කළ යුතු වනවා. එමෙන්ම, දරුවන් අන්තර්ජාලයේ ගත කරන කාලය සහ නරඹන අන්තර්ගතයන් අධීක්ෂණය කිරීමේ වගකීමද දෙමාපියන්ට පැවරෙනවා.

ළමුන් ආරක්ෂිත සහ වයසට ගැළපෙන පරිසරයක රඳවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය සංස්කෘතික අමාත්‍ය ඵාන් ටැම් ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතරව, ප්‍රචණ්ඩත්වය, අසභ්‍ය, සූදුව සහ මත්ද්‍රව්‍ය වැනි හානිකර අන්තර්ගතයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීමට තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරන ලෙසද සමාජ මාධ්‍ය සමාගම් වෙත දන්වා තිබෙනවා.

මෙවැනි පියවරක් ගත් පළමු රට ඕස්ට්‍රේලියාව වන අතර, ප්‍රංශය මෙන්ම තවත් රටවල් කිහිපයක්ද මේ වන විට ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට කටයුතු කරමින් සිටිනවා. සමාජ මාධ්‍යවලට අමතරව, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට මාර්ගගත ක්‍රීඩා භාවිතය දිනකට පැයකට (විනෝදාංශ සඳහා ලබාදෙන කාලය) සීමා කිරීමට සහ දෙමාපිය අනුමැතිය යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය කිරීමටද වියට්නාමය යෝජනා කර තිබෙනවා.

0%
0%
0%
0%
Comments