වසර 2,000කට වඩා පැරණි අපේ ආයුර්වේද උරුමය මෙම ජනප්‍රියතාවයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන ආයුර්වේද ප්‍රතිකාර, යෝග අභ්‍යාස සහ පරිපූර්ණ සුවතා අත්දැකීම් සාධාරණ මිල ගණන් යටතේ ලබා ගැනීමට සංචාරකයන්ට හැකියාව තිබෙනවා. වාර්තාවට අනුව, දින තුනක සිට හතරක් දක්වා වූ සුවතා වැඩසටහන් ඇමරිකානු ඩොලර් 372ක පමණ මුදලක සිට ආරම්භ වනවා.
සංචාරකයන් දිරිමත් කිරීම සඳහා රජය ගෙන ඇති නවතම ප්‍රතිපත්තිමය තීරණ ද මෙයට ඉමහත් පිටුවහලක් වී තිබෙනවා. විශේෂයෙන්ම මැයි 25 වැනිදා සිට රටවල් 40ක් සඳහා වීසා ගාස්තු ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරකයන්ට වඩාත් ආකර්ෂණීය සහ පහසු ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා.
සුවතා වැඩසටහන්වලට අමතරව, වසර පුරාම හිරු එළිය විඳිය හැකි වෙරළ තීරයන්, වන අලි ඇතුළු වන සතුන් නැරඹීමේ අවස්ථා සහ නිල් තල්මසුන් නැරඹීම වැනි ස්වභාවික අත්දැකීම් ද සංචාරකයන්ට විඳගත හැකියි. මේ සියල්ලත් සමඟ ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන සුවතා සංචාරක කර්මාන්තයේ ඉහළම තැනට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.