ads
Entertainment

හොලිවුඩ් තරුව කීනූ රීව්ස් සහ ලෙගෝ සිනමා ලෝකයේ නව පෙරළියක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය තරුවක් වන කීනූ රීව්ස්, 'ටෝයි ස්ටෝරි 4' සිනමාපටය අධ්‍යක්ෂණය කළ ජොෂ් කූලි සමඟ එක්ව නවතම 'ලෙගෝ' සිනමාපටයක් සඳහා සම්බන්ධ වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුනිවර්සල් පික්චර්ස් සමාගම නිෂ්පාදනය කරන මෙම සිනමාපටය, සජීවී නළු නිළියන් සහ පරිගණක සජීවීකරණ සංකලනයක් ලෙස නිර්මාණය වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මීට පෙර 'ටෝයි ස්ටෝරි 4' සිනමාපටයේ 'ඩියුක් කැබූම්' චරිතයට හඬකැවීම් සිදුකරමින් ජොෂ් කූලි සමඟ සාර්ථකව කටයුතු කළ කීනූ රීව්ස්, මෙම නව ව්‍යාපෘතිය හරහා යළිත් වරක් ඔහු සමඟ එක්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සිනමාපටයේ ඔහු සැබෑ රංගනයෙන් දායක වන්නේද නැතහොත් හඬකැවීම් පමණක් සිදුකරන්නේද යන්න පිළිබඳව හෝ චිත්‍රපටයේ කථා තේමාව පිළිබඳව මෙතෙක් කිසිදු නිල තොරතුරක් අනාවරණය වී නැහැ.

2020 වසරේදී ලෙගෝ සිනමා අයිතිය තමන් සතු කරගත් යුනිවර්සල් සමාගම, මීට පෙරද විවිධ ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරුන් සමඟ සිනමා ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට උත්සාහ කළද ඒවා සාර්ථක වුණේ නැහැ. ලෙගෝ සිනමා අයිතියේ වලංගු කාලය ඉදිරි මාස හය තුළ අවසන් වීමට නියමිත නිසා, මෙම කාලසීමාව තුළ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කිරීමට එම සමාගම දැඩි උත්සාහයක නිරත වන බවයි Deadline වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

වෝනර් බ්‍රදර්ස් සමාගම යටතේ 2014 වසරේදී තිරගත වූ 'The Lego Movie' හරහා ලෙගෝ සන්නාමය සිනමා ලෝකයට පිවිසි අතර, එමගින් ඩොලර් බිලියනයකට වඩා ආදායම් ඉපැයූ සාර්ථක සිනමා මාලාවක් බිහිවුණා. පසුව පැමිණි ඇතැම් චිත්‍රපට ආර්ථික වශයෙන් පසුබෑමට ලක්වීම හේතුවෙන් එම අයිතිය අලුත් නොකළ වෝනර් බ්‍රදර්ස් සමාගම, යුනිවර්සල් සමාගම වෙත එය යොමු කිරීමට කටයුතු කළා. ඉන්පසුව යුනිවර්සල් සමාගම ලෙගෝ සමඟ එක්ව මුළුමනින්ම ලෙගෝ සජීවීකරණයෙන් නිර්මාණය කළ "Piece by Piece" චිත්‍රපටය එළිදක්වා තිබෙනවා.

0%
0%
0%
0%
Comments