මෙම සුවිශේෂ අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාද සහභාගි වූ අතර, මේ සඳහා කලාවට සහ සාහිත්‍යයට ලැදි විශාල පිරිසකගේ ඉහළ ඇගයීමක් හා ආකර්ෂණයක් හිම වුණා.
මහාචාර්ය සරත් විජේසූරිය, ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ සහ ආචාර්ය සසංක පෙරේරා යන විද්වතුන්ගේ දායකත්වයෙන් පැවැත්වුණු 'සිරකරු විලාපයේ ආත්මාවදානය, කාව්‍යාලංකාරය සහ දේශපාලනය' පිළිබඳ හරවත් සංවාදය මෙහි පැමිණි සැමගේ නොමද ප්‍රසාදයට හේතුවිය.
මෙය සාහිත්‍ය ක්ෂේත්‍රයට අලුත් ආලෝකයක් එක් කළ අගනා සන්ධ්‍යාවක් වුණා.