ads
Entertainment

දකුණු කොරියාවේ විදහා දැක්වූ ශ්‍රී ලාංකීය සංස්කෘතික අසිරිය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දකුණු කොරියාවේ ශ්‍රී ලාංකීය සංස්කෘතික අසිරිය විදහා දැක්වූ "Pulse of Sri Lanka" දකුණු කොරියාවේ සෝල් නුවරදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ලොවටම කියාපාමින් "Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage" අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

2026 ජුනි 05 වන දින සෝල්හි Kkumbit රංග ශාලාවේදී පැවැත්වූ මෙම අපූරු සංදර්ශනය තුළින් ශ්‍රී ලංකාවේ නැටුම් කලාවේ සහ සංස්කෘතික සම්ප්‍රදායන්හි අලංකාරය ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ආවා.

මෙම අවස්ථාව සඳහා විදෙස් තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, කොරියානු සමාජයේ ප්‍රභූන් සහ ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළු පිරිසක් සහභාගී වුණා. රංග ගමගේ නැටුම් ඇකඩමිය විසින් ඉදිරිපත් කළ උඩරට සහ පහතරට නර්තනාංග, ශ්‍රී ලාංකීය සංස්කෘතියේ හරය මනාව පිළිඹිබු කළ අතර, අවසානයේ ශ්‍රී ලාංකීය නැටුම් සහ K-Pop සංගීතය මුසු කරමින් ඉදිරිපත් කළ ඒකාබද්ධ නර්තනය ප්‍රේක්ෂකයන් මවිතයට පත් කිරීමට සමත් වුණා.

"Pulse of Sri Lanka" තේමාව යටතේ පැවැති මෙම වැඩසටහන තුළින් දිවයිනේ සංගීතය, නර්තනය, චාරිත්‍ර වාරිත්‍ර සහ ප්‍රජා ජීවිතයේ සුන්දරත්වය සැමරීමට ඉඩ ලැබුණා. එහි පැමිණි අමුත්තන් සඳහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය සහ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳව අත්දැකීම් ලබා දෙන අන්තර්ක්‍රියාකාරී වැඩසටහනක්ද පැවැත්වුණා.

මෙම උත්සවය පැවැත්වුණේ 41 වන සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයට (SITF 2026) සමගාමීවයි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකීය දූත පිරිසක්ද ඊට සහභාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට ප්‍රධාන සම්මාන හතරක් හිමි වීම විශේෂත්වයක්. ඉන් "2026 SITF Eminent Tourism Pioneer Award" සම්මානය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පිරිනැමීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහාය ඇතිව පැවැත්වුණ මෙම වැඩසටහන, දෙරට අතර ජනතා සබඳතා වර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙන යාමට මනා පිටුවහලක් වුණා. මෙම සාර්ථකත්වය වෙනුවෙන් සෙොංබුක් සංස්කෘතික පදනම සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා වෙළඳපල කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා තනුජා මුණිවීර මහත්මිය දැක්වූ කැපවීමද විශේෂයෙන් අගය කළ යුතුයි.

your image

your image

your image

your image

your image

0%
0%
0%
0%
Comments