ads
Entertainment

ශ්‍රී ලංකාවට ආ පෝලන්ත රූ රැජිණියන්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝකයේම අවධානය දිනාගත්, පෝලන්තයේ අංක එකේ ජාතික රූ රැජිණ තරගාවලිය වන ‘මිස් පොල්ස්කි’ (Miss Polski) මෙවර අපූරු වෙනසක් සිදුකර තිබෙනවා. ඒ, ඉතිහාසයේ ප්‍රථම වතාවට එම තරගාවලියේ ප්‍රධානතම සහ තීරණාත්මක අදියරක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කිරීමයි.

මේ සඳහා සුදුසුකම් ලැබූ පෝලන්ත රූ රැජිණියන් 24 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුගෙන් යුත් නිල කාර්ය මණ්ඩලය ඊයේ (07) කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ළඟා වුණා.

දිවයිනට පැමිණි මෙම සුන්දර අමුත්තන් පිරිස මහත් හරසරින් පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළේදී එක්ව සිටියා. 

ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරයේ උණුසුම මැද මෙරටට පා තැබූ ඔවුන්, ඉදිරි දින කිහිපය තුළ ලංකාවේ සුන්දරත්වය අත්විඳීමට මෙන්ම තරගකාරී අත්දැකීම් රැසකට මුහුණ දීමටත් මහත් බලාපොරොත්තුවෙන් පසුවන බව දැකගත හැකි වුණා.

දින 10ක් පුරා මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය,  රූපලාවන්‍ය තරගයකට පමණක් සීමා නොවී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණීය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම විශේෂත්වයක්. ඒ අනුව ඓතිහාසික සීගිරිය, දඹුල්ල, මින්නේරිය ජාතික උද්‍යානය මෙන්ම දෑස් මවිත කරවන නිලාවැලි සහ පාසිකුඩා වෙරළ තීරයන් ද, අගනුවර වන කොළඹ නගරය ද ආශ්‍රිතව මෙම තරගාවලියේ විවිධ අංශ සහ ඡායාරූපකරණ කටයුතු සිදුකිරීමට පෝලන්ත සංවිධායකවරුන් සැලසුම් කර තිබෙනවා.

ලෝකයේ වැඩි අවධානයක් දිනාගෙන ඇති මෙම පෝලන්ත රෑ රැජිණ තරගාවලිය පැවැත්වීම සමස්ථ ලෝකයේම සංචාරක ආකර්ෂණය ශ්‍රී ලංකාවට දිනාගත හැකි අවස්ථාවක් වනවා.

0%
0%
0%
0%
Comments