ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පීන් රැසක් සමඟ කරට කර තරඟ වදිමින්, මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දක්වන්නට අපේ රටේ කඩවසම් තරුණයෙකු වන සංජුල කේෂාන් සමත් වුණා.
තරඟාවලිය පුරාවටම තමන් සතු සුවිශේෂී පෞරුෂත්වය සහ දක්ෂතාවය මැනවින් ප්‍රදර්ශනය කළ සංජුල, එහිදී පැවැත්වුණු "Mr. Personality" අනු තරඟයෙන් ලෝකඩ පදක්කම (3 වන ස්ථානය) දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වේදිකාව මත සනිටුහන් කිරීමට සමත් වුණා.
එපමණක් නොව "Best Physique" (හොඳම සිරුරු හැඩය), "Mister Photogenic" (ඡායාරූපයන්ට වඩාත් උචිත පෙනුම) සහ "Best in Beachwear" (හොඳම වෙරළ ඇඳුම් විලාසිතාව) යන ප්‍රධාන අනු තරඟයන්හි අවසන් හොඳම 10 දෙනා (Top 10) අතරට තේරී පත්වීමටත් සංජුලට හැකි වුණා.
ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි දක්ෂතම තරුණයන් විශාල පිරිසක් සමඟ කරට කර තරඟ වැදුණු සංජුල කේෂාන්, "Man of the World 2026" තරඟාවලියේ අවසන් තරඟකරුවන් 18 දෙනා (Top 18 Finalists) අතරටද තේරී පත්වුණා. මීට පෙර 2017 වසරේ පැවති ප්‍රථම "Man of the World" තරඟාවලියේදී ලංකාව වෙනුවෙන් දමිත් විජයතුංගද මෙලෙසම දක්ෂතම 15 දෙනා අතරට සුදුසුකම් ලබා තිබුණා.