පර්යේෂකයන් විසින් වෛරස් ජාන කේත මිලියන ගණනක් AI හරහා විශ්ලේෂණය කරලා, ඕනෑම විකෘති වීමකදී වෛරස් පවුලටම එක ලෙස පහර දීලා විනාශ කළ හැකි ‘සුපිරි ප්‍රතිදේහජනකයක්’ (Super-antigen) නිර්මාණය කර තිබෙනවා. ඒ කියන්නේ කොවිඩ් විතරක් නෙවෙයි, සතුන්ගෙන් මිනිසුන්ට බෝ වෙන්න පුළුවන් ඕනෑම භයානක කොරෝනා වෛරස් ප්‍රභේදයකින් ආරක්ෂා වෙන්න මේ එකම එන්නත ප්‍රමාණවත්.
දැනටමත් මේ සුපිරි එන්නත මිනිසුන් යොදාගෙන පරීක්ෂා කිරීම අරඹලා තියෙනවා. මුල්ම අදියරේදී පුද්ගලයන් 39 දෙනෙකු යොදාගෙන මෙහි ආරක්ෂිතභාවය සාර්ථකව තහවුරු කරගෙන තියෙනවා. දැන් ඊළඟ පියවර විදිහට මේ එන්නතින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොයිතරම් ශක්තිමත් වෙනවාද කියලා බලන්න තවත් පුද්ගලයන් 200 දෙනෙක් යොදාගෙන පරීක්ෂණ සිදුකෙරෙනවා.
සතුන් යොදාගෙන කරපු පරීක්ෂණත් ඉතාම සාර්ථක නිසා, ඉදිරි අනාගතයේදී එන්නත්කරණ ක්ෂේත්‍රයේ දැවැන්තම පෙරළියක් වෙයි කියලා විද්‍යාඥයන් ලොකු විශ්වාසයකින් ඉන්නවා.
මේ තාක්ෂණයේ තියෙන වටිනාකම තේරෙන්නේ මෙතනින් විතරක් මේ වැඩේ නතර වෙන්නේ නැති නිසයි. කේම්බ්‍රිජ් පර්යේෂණ කණ්ඩායම මේ වෙනකොට අපිට නිතර හැදෙන සාමාන්‍ය උණ (Flu), කුරුලු උණ (H5N1) වගේම ලෝකයම බය කරපු ඉබෝලා (Ebola) වෛරස්වලටත් මේ ක්‍රමයටම වෙන වෙනම එන්නත් නිපදවීමේ මුල් අදියරේ වැඩකටයුතු අරඹලා තියෙනවා. ඉතින් මේ නව සොයාගැනීම නිසා අනාගතයේදී තවත් වසංගතයකට මුහුණ දෙන්න සිදුනොවන, නිරෝගී සුවයෙන් පිරුණු සුරක්ෂිත ලෝකයක් ගැන බලාපොරොත්තු තියාගන්න අපිට පුළුවන්.