කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වගේම තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මේ සුවිශේෂී රාත්‍රිය, ලාංකීය සිනමාවට තවත් අපූරු බලාපොරොත්තුවක් එකතු කළ අවස්ථාවක් වුණා කිව්වොත් නිවැරදියි.
ළමා සහ වැඩිහිටි කාගේත් සිත් ඇදගත් විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් මෙරට ප්‍රේක්ෂකයින්ට දායාද කළ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායකයන් තමයි මේ අපූරු සිනමාපටයේ තිර රචනය වගේම අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ. ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටසේගේ නිෂ්පාදනයක්.
