ඒ, ලාංකීය ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහකට ලක්වූ ‘රිවස්ටන්’ සිනමාපටයේ කැමරාකරණය වෙනුවෙන් ‘හොඳම කැමරාකරණයට’ හිමි ජාත්‍යන්තර සම්මානය තමන් සතු කරගනිමින්. ජාත්‍යන්තර සිනමා නිර්මාණ රැසක් අභිබවා මෙලෙස ලංකාවේ නම පෙරමුණට රැගෙන ඒම සැබවින්ම අපේ සිනමාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.
ලලිත් රත්නායකයන්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘රිවස්ටන්’ චිත්‍රපටය දැනටමත් ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකදීම සම්මානයට පාත්‍ර වෙමින් ලාංකීය සිනමාවේ සලකුණ ලෝකය හමුවේ තබා තිබෙනවා.