සුපිරි පාපන්දු තරු වන ලයනල් මෙසී, කිලියන් ම්බාපේ සහ අර්ලින් හාර්ලන්ඩ් "We are ready" යනුවෙන් පවසමින් ආරම්භ වන මෙම වීඩියෝව, මේ වනවිටත් ලොව පුරා රසිකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
ප්‍රකට අධ්‍යක්ෂිකා හැනා ලක්ස් ඩේවිස් විසින් මියාමි නුවරදී රූගත කළ මෙම දර්ශන පෙළෙහි ශකීරා මෙක්සිකෝ නගරයේ සුප්‍රසිද්ධ 'Angel of Independence' ස්මාරකය මත රැඳී සිටින අයුරු සහ කාන්තාර පසුබිමක අප්‍රිකානු දරුවන් සමඟ නර්තනයේ යෙදෙන අයුරු ඉතාමත් විචිත්‍රවත් ලෙස දැකගත හැකියි.
මෙම ගීතය හරහා ශකීරා නැවත වරක් ලෝක කුසලාන උන්මාදය කරලියට ගෙන එන අතර, වීඩියෝව පුරා දැකිය හැකි දිලිසෙන ගෝලයක් මත ඇය රැඳී සිටින දර්ශන සහ සහභාගී වන රටවල ධජයන් නිරූපණය වන ඇඳුම්වලින් සැරසුණු නර්තන ශිල්පිනියන්ගේ දර්ශන ප්‍රේක්ෂකයාගේ නෙත් ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා.
විශේෂයෙන්ම ඩියේගෝ මැරඩෝනා, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඩේවිඩ් බෙකම් වැනි පාපන්දු ඉතිහාසයේ දැවැන්තයන් වෙනුවෙන් ඇය කරන ගෞරවය මෙහි විශේෂත්වයකි. මෙය 2010 වසරේ අතිශය ජනප්‍රිය වූ “Waka Waka” ගීතයට පසුව ශකීරා ලෝක කුසලාන නිල ගීතයකට දායක වූ දෙවන අවස්ථාව වීමත් විශේෂ කරුණක්.
එළඹෙන ජූනි 11 වැනිදා මෙක්සිකෝ නගරයේ 'Estadio Azteca' ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේදීම පැවැත්වීමට නියමිතයි.
ජූලි 19 වැනිදා නිව් ජර්සි හි නිව් යෝර්ක් නිව් ජර්සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රසංගය සඳහා ශකීරා සමඟින් ලොව සුපිරි ගායන තරු වන මැඩෝනා සහ BTS සංගීත කණ්ඩායමද එක්වීමට නියමිතව තිබීම මෙවර තරගාවලියට තවත් විශාල ආලෝකයක් එක් කරනවා.