සිනමා ක්ෂේත්‍රයේ අතිශය වැදගත් උළෙලක් වන ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙල මෙවර පැවැත්වුණේ 79 වැනි වරටයි. සාමාන්‍යයෙන් සති දෙකක් පුරා පැවැත්වෙන මෙම උළෙලේ ආරම්භයේ සිටම අයිෂ්වර්යා දකින්නට නොලැබීම නිසා ඇයගේ රසිකයන් වගේම විලාසිතා විචාරකයන් පසුවුණේ තරමක කුතුහලයකින් සහ මගහැරීමක හැඟීමකින් යුතුවයි.
කෙසේ වෙතත්, උළෙල අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී සියලු දෙනා මවිතයට පත් කරමින් ඇය ප්‍රංශයට ළඟා වුණා. වසර 23ක් පුරා අඛණ්ඩව කාන්ස් රතු පලස හැඩකළ අයිෂ්වර්යා, මෙවර අවසන් මොහොතේ පැමිණියත් වෙනදා වගේම මුළු කාන්ස් උළෙලේම අවධානය තමන් වෙත නතු කරගන්නට සමත් වුණා.
මෙවර ඇයගේ පැමිණීම වඩාත් කතාබහට ලක්වුණේ ඇය හැඳ සිටි විස්මයජනක නිල් පැහැති ගවුම නිසයි. රාජකීයත්වයේ සහ අලංකාරයේ සංකලනයක් බඳු වූ ඒ නිල් පැහැති විලාසිතාවෙන්. කලකට පසුව ඇය දැකගත් රසිකයන් පවසන්නේ, ඇයගේ මේ පෙනුම මෙවර කාන්ස් උළෙලේ දකින්නට ලැබුණු සුන්දරම සහ වඩාත්ම සිත්ගන්නා සුළු දර්ශනයක් වූ බවයි.