ads
Lifestyle

Miss Aura International හොඳම ජාතික ඇඳුමට හිමි කිරුළ වෛද්‍ය දේවීනා නවීක්ෂට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝක රූ රැජින වේදිකාවන් තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ අපේකම ජාත්‍යන්තරයට රැගෙන යාම නිරන්තරයෙන්ම දකින්න ලැබෙන සුන්දර දසුනක්. 20 වැනි Miss Aura International තරගාවලියත් අපිට එවැනිම ආඩම්බරකාරී මොහොතක් උදා කරලා දුන්නා.

ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කළ රූමත් වෛද්‍යවරියක වන වෛද්‍ය දේවීනා නවීක්ෂි මෙවර තරගාවලියේ "හොඳම ජාතික ඇඳුමට" හිමි විශේෂ සම්මානය (Best National Costume) දිනා ගැනීමට සමත් වීමත් සමඟයි. මෙය Miss Aura International ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ ප්‍රථම අනු තරග ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වීමත් විශේෂත්වයක්.

කාගේත් අවධානය දිනාගත් ඇගේ මේ අපූරු ජාතික ඇඳුම පිටුපස අපේ දේශීය සංස්කෘතික අනන්‍යතාවය මනාව විදහා දක්වන සුන්දර කතාන්දරයක් තිබෙනවා. සාම්ප්‍රදායික "ගුරුළු රාක්ෂ" සංකල්පයෙන් ආභාෂය ලබා නිර්මාණය කර තිබූ මෙම විස්මිත ඇඳුම, දේශීය විලාසිතා නිර්මාණකරුවෙකු වන වෙදගේ නාමල් ගේ අපූරු සංකල්පයක් සහ නිර්මාණශීලී දෑතක එකතුවක්. ලාංකීය සංස්කෘතියේ එන සාම්ප්‍රදායික කලාව සහ එහි ඇති ප්‍රතාපවත් බව නූතන විලාසිතා ලෝකයට ගැළපෙන පරිදි ඉතා සූක්ෂ්ම ලෙස සහ ආකර්ෂණීය ලෙස මෙහිදී ප්‍රතිසංස්කරණය කර තිබුණා.

0%
0%
0%
0%
Comments