ads
Feature

ලෝක නිවුන් සමුළුවේ හොඳම නර්තනය ශ්‍රී ලංකාවට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
චීනයේ පැවති 20 වැනි ලෝක විශාලතම නිවුන් උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් අපේ රටේ නිවුන් කණ්ඩායම ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

රටවල් 47 ක තරුණ නිවුන් යුගල රැසක් සහභාගී වූ මෙම දැවැන්ත උළෙලේදී "හොඳම නර්තනාංගයට" හිමි සම්මානය ශ්‍රී ලංකාවට දිනා දීමට මොවුන් සමත් වීම විශේෂත්වයක්. මෝජෑන් නුවරදී අප්‍රේල් 29 සිට මැයි 04 දක්වා පැවති මෙම උළෙල ලෝක කම්කරු දින සැමරුම්වලට සමගාමීවයි සංවිධානය කර තිබුණේ.

ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොව හමුවේ ප්‍රදර්ශනය කරමින් අපේ කණ්ඩායම ඉදිරිපත් කළේ පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් "අංගම්පාලිය" නර්තනාංගයයි. 

දේශීය නර්තන කලාවේ රිද්මය සහ ජවය මැනවින් විදහා පෑ මෙම ඉදිරිපත් කිරීම චීන ප්‍රේක්ෂකයින් මෙන්ම විනිශ්චය මණ්ඩලය ද අමන්දානන්දයට පත් කිරීමට සමත් වුණා. 

විදෙස් රටකදී මෙවැනි දේශීය නර්තනාංගයක් ඇගයීමට ලක්වීම අපේ සංස්කෘතික උරුමයට ලැබුණු මහඟු ගෞරවයක් ලෙසයි සැලකෙන්නේ.

ජයග්‍රාහී කුසලාන ද රැගෙන ඊයේ (08) රාත්‍රී 09.28 ට චීනයේ චෙන්ඩු නුවර සිට CA-425 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි මෙම පිරිස පිළිගැනීමට පවුලේ උදවිය මෙන්ම හිතවතුන් ද එක්ව සිටියා. 

මේ අතර තවත් සුවිශේෂී  වන්නේ ලෝක නිවුන් සම්මේලනය සමඟ එක්ව එළඹෙන සැප්තැම්බර් මාසයේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ නිවුන් උළෙලක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිවුන් සම්මේලනය දැනටමත් සූදානම් වෙමින් සිටීමයි.

0%
0%
0%
0%
Comments