ads
Feature

දෙහිවල සත්වෝද‍්‍යානයේ අලුත්ම පුංචි තරු දෙක

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දෙහිවල සත්වෝද්‍යානය කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තැනක්නේ. පසුගිය දෙසැම්බර් 24 වැනිදා, ඒ කියන්නේ නත්තල් සැඳෑවක මේ අපූරු සත්වෝද්‍යානයට අලුත් අමුත්තන් දෙන්නෙක් එකතු වුණා.

ඒ තමයි හුරතල් සිංහ පැටවුන් දෙදෙනා. මේ වෙනකම් සත්වෝද්‍යාන බලධාරීන්ගේ දැඩි රැකවරණය මැද හැදී වැඩුණු මේ පුංචි පැටවුන් දෙන්නාව ප්‍රථම වතාවට මහජනතාවට දැකබලා ගැනීම සඳහා විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඊයේ (30) කටයුතු කළා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා. පිරිමි සහ ගැහැණු සතුන් වන මේ පැටවුන් දෙදෙනා දැන් ඉතාමත් ක්‍රියාශීලීව සහ සෞඛ්‍ය සම්පන්නව පසුවන බවයි වාර්තා වන්නේ.

හැබැයි මතක තබා ගත යුතු විශේෂම දේ තමයි, මේ පැටවුන් දෙදෙනාව ප්‍රදර්ශනය කරන්නේ සෑම දිනකම පෙරවරු 10:00 සිට 11:30 දක්වා කාලය තුළ පමණක් බව. ඉතින් මේ පුංචි සිංහ පැටවුන් දෙන්නාගේ දඟකාරකම් බලන්න ඔබටත් පුළුවන්. ඒත් ඒ යන අතරතුර සතුන්ට කරදර නොවන සේ හැසිරෙන්නත් අමතක කරන්න එපා!

0%
0%
0%
0%
Comments