8 වන වරටත් පවත්වනු ලබන මෙම "Man of the World" තරගාවලිය ලබන මාසයේදී පිලිපීනයේදී පැවැත්වීමට නියමිතයි. නායකත්වය, චරිතය සහ ගෝලීය දැනුවත්භාවය මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම දැවැන්ත උළෙල සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් එක්වනු ඇත.
එහිදී ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා ලෙස සංජුල, අපේ රටේ විවිධත්වය සහ අභිමානය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.