ads
Travel

ගත සිත නිවන අයිස්ලන්තයේ උණුදිය උල්පත

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අයිස්ලන්තය කිවූ සැණින් අපේ මතකයට එන්නේ අයිස්වලින් වැසුණු කඳු පන්ති වුවත්, ඒ සීතල පරිසරය මැද සිරුරට සුවදායක උණුසුමක් ලබාදෙන අපූරු ස්ථානයක් තිබෙනවා. ඒ තමයි ලොව සුපතළ "බ්ලූ ලගූන්" (Blue Lagoon) හෙවත් නිල් කලපුව.

කළු පැහැති ගිනිකඳු පාෂාණවලින් වටවුණු, කිරි පැහැති නිල්වන් දිය දහරින් සහ නිරන්තරයෙන් නැගෙන හුමාලයෙන් පිරුණු මේ කලපුව අද වන විට ලොව පුරා සංචාරකයින්ගේ සිහිනයක් බවට පත්ව තිබෙනවා.

මෙම නිල් කලපුවේ ඉතිහාසය දෙස බැලූ විට එය ස්වභාවිකව නිර්මාණය වූවක් නොවන බව අපට පෙනී යනවා. මෙහි ආරම්භය 1976 වසර දක්වා දිවයන අතර, එය ස්වාර්ට්සෙන්ගි භූතාපජ බලාගාරයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක්. 

බලාගාරයෙන් පිටකරන අතිරික්ත උණුසුම් ජලය අවට ඇති ලාවා පිට්ටනිවලට ගලා යාමෙන් මෙම කලපුව නිර්මාණය වෙලා තියෙනවා. මුලින් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූවත්, පසුකාලීනව මෙහි ඇති ජලය සමේ රෝග සුවපත් කිරීමට සමත් බව සොයා ගැනීමත් සමඟ මෙය ලෝකයේම අවධානය දිනාගත් ස්ථානයක් බවට පත්වුණා.

බ්ලූ ලගූන්හි ජලය නිරන්තරයෙන් සෙල්සියස් අංශක 37-40 අතර උණුසුමක පවතින නිසා ඕනෑම සීතල දේශගුණයක වුවත් මෙහි බැස සිටීම ඉතා සුවදායකයි. 

මෙහි ඇති ජලයට සුවිශේෂී නිල් පැහැයක් ලැබෙන්නේ එහි අඩංගු සිලිකා නම් ඛනිජය නිසයි. මීට අමතරව ඇල්ගී සහ විවිධ ඛනිජ ලවණවලින් පොහොසත් මෙම ජලය සිරුරේ සම පිරිසිදු කිරීමටත්, සමේ තරුණ බව රැක ගැනීමටත් මහඟු දායකත්වයක් ලබා දෙනවා. 

අද වන විට මෙහි පැමිණෙන සංචාරකයින්ට "Silica Mud Masks" වැනි ස්වභාවික ප්‍රතිකාර ලබාගනිමින් අමතක නොවන අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මනසට සහ ගතට සුවය ලබාදෙන නිවාඩුවක් ගත කිරීමට කැමති ඕනෑම අයෙකුට අයිස්ලන්තයේ බ්ලූ ලගූන් යනු අනිවාර්යයෙන්ම යා යුතුම නවාතැනක්. අතිනූතන පහසුකම්වලින් සමන්විත හෝටල් සහ ස්පා මධ්‍යස්ථාන මඟින් ඔබගේ සංචාරය වඩාත් සුඛෝපභෝගී එකක් කිරීමට ඔවුන් කටයුතු සලසා තිබෙනවා. 

0%
0%
0%
0%
Comments