ads
Lifestyle

වෛද්‍ය පර්යේෂණවල වේගය දෙගුණ කරන අතිනවීන AI තාක්ෂණය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ලොව ප්‍රමුඛතම ආයතනයක් වන OpenAI, පසුගිය දා විද්‍යා ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් 'GPT-Rosalind' නමැති සිය නවතම මාදිලිය හඳුන්වා දුන්නා.

ප්‍රකට බ්‍රිතාන්‍ය විද්‍යාඥ Rosalind Franklin හට ගෞරවයක් ලෙස නම් කර ඇති මෙම AI මාදිලිය, විශේෂයෙන්ම ජීව විද්‍යාව සහ විද්‍යාත්මක පර්යේෂණ කටයුතු වෙනුවෙන්ම නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. 

ඖෂධ සොයා ගැනීම්, ජෛව රසායන විද්‍යාව සහ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයන්හි නිරත පර්යේෂකයන්ට මෙය ඉතාමත් සහනදායී අත්දැකීමක් වනු ඇති බවටයි පැවසෙන්නේ.

නූතන ලෝකයේ නව ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර සොයා ගැනීම සඳහා ගතවන කාලය හා වෙහෙස අවම කිරීම මෙහි මූලික අරමුණයි. OpenAI ආයතනය පවසන පරිදි, පර්යේෂකයන්ට අවශ්‍ය දත්ත විශ්ලේෂණය කිරීම, නව පර්යේෂණ සැලසුම් කිරීම සහ විද්‍යාත්මක පත්‍රිකා පරිශීලනය කරමින් නිවැරදි නිගමනවලට එළඹීමට මෙමගින් විශාල සහයක් ලැබෙනු ඇති. 

Amgen, Moderna සහ Thermo Fisher Scientific වැනි ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් දැනටමත් මෙම තාක්ෂණය සිය පර්යේෂණ කටයුතු සඳහා යොදා ගැනීමට OpenAI සමඟ අත්වැල් බැඳගෙන සිටීම මෙහි ඇති සාර්ථකත්වයට මනා සාක්ෂියක්.

විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට පමණක් නොව, සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ද 'GPT-5.4-Cyber' නමින් විශේෂිත මාදිලියක් හඳුන්වා දීමට OpenAI කටයුතු කර තිබෙනවා. මෙමගින් අනාගතයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම තාක්ෂණික ලෝකයේ ද වඩාත් ආරක්ෂිත සහ කාර්යක්ෂම පරිසරයක් නිර්මාණය වනු ඇති බවට විද්වතුන් විශ්වාසය පළ කරනවා. 

තාක්ෂණය සහ විද්‍යාව මෙලෙස එකිනෙක මුසු වෙමින් මානව වර්ගයාගේ යහපත උදෙසා ගන්නා වූ මෙම පියවර, ඉදිරි දශකය තුළ වෛද්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරනු නොඅනුමානයි.

0%
0%
0%
0%
Comments