ads
Lifestyle

වැස්ස කියන්නේ අපේ මනස සුවපත් කරන ස්වභාවික 'තෙරපි' එකක්ද?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
තද අව් රශ්මියෙන් පීඩා විඳින මොහොතක ඇද හැලෙන මහා වර්ෂාව අපට ගෙන එන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි සහනයකි. වැස්සත් සමඟ පරිසරය සිසිල් වීම පමණක් නොව, අපගේ සිතුවිලි පවා වඩාත් පැහැදිලි සහ සැහැල්ලු වන බව ඔබ කවදා හෝ නිරීක්ෂණය කර තිබේද?

your image

විද්‍යාඥයන් පවසන පරිදි, වැසි පොදක් සිරුරට වැටෙන විට හෝ වැස්සේ සුවඳ දැනෙන විට අපගේ මොළයේ 'සෙරොටොනින්' (Serotonin) වැනි සතුට ඇති කරන රසායනිකයන් වර්ධනය වේ. වැහි බිඳු පොළොවේ වැදීමේදී නිකුත් වන 'සෘණ අයන' මගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ නංවන අතර, එය දැඩි ව්‍යායාමයකින් පසු ලැබෙන ප්‍රබෝධයට සමාන මානසික උත්තේජනයක් ලබා දෙයි.

වැස්සට පසු දැනෙන ඒ ප්‍රාණවත් බවට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ වාතය පිරිසිදු වීමයි. වැහි බිඳු අහසේ සිට පහළට ඇද හැලීමේදී වාතයේ ඇති දූවිලි, අසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය සහ විෂ වායු අංශු තමන් වෙත ඇද ගනිමින් වායුගෝලය පිරිසිදු කරයි. මෙය හරියටම දූවිලි සහිත ඉදිකිරීම් භූමියකට ජලය ඉසීමෙන් දූවිලි යටපත් කරනවා වැනි ක්‍රියාවලියකි. මේ නිසා වැස්සෙන් පසු අප ආශ්වාස කරන්නේ වඩාත් පිරිසිදු වාතය වන අතර, එය කාංසාව අඩු කර මනස සන්සුන් කිරීමට සෘජුවම දායක වේ.

your image

වැස්සට ආවේණික වූ ඒ මනරම් සුවඳ හෙවත් 'පෙට්‍රිකෝර්' (Petrichor) යනු මතකයන් අවදි කරන අපූරු මෙවලමකි. වියළි කාලගුණයෙන් පසු ඇද හැලෙන පළමු වැස්සේදී ශාක තෙල් සහ පසෙහි ඇති බැක්ටීරියා මගින් නිකුත් කරන රසායනිකයන් මුසු වී මෙම සුවඳ නිර්මාණය වේ. මනුෂ්‍යයන් වන අප, මෝරුන් රුධිරයට දක්වන සංවේදීතාවයටත් වඩා වැඩි සංවේදීතාවයක් මෙම වැසි සුවඳට දක්වන බව සොයාගෙන ඇත. 

එමෙන්ම, වැස්සේ හඬ යනු ස්වභාවධර්මය විසින් අපට තිළිණ කළ භාවනාවකි. වහල මතට හෝ ගස්කොළන් මතට වැටෙන වැහි බිඳුවල රිද්මය, අපගේ මනස සැහැල්ලු කර කිරීමට සමත් වේ. විශේෂයෙන්ම මෘදු වැස්සක හඬ මානසික පීඩනය 65% කින් පමණ අඩු කරන බව පර්යේෂණ මගින් සනාථ කර ඇත. 

එබැවින් මීළඟ වතාවේ වැස්සක් වසින විට, කාර්යබහුලත්වය මොහොතකට නතර කර, ජනේලය විවෘත කර ඒ සිසිල් වාතය ආශ්වාස කරන්න. එය ඔබේ ගතට මෙන්ම සිතට ද ලැබෙන මහඟු ඔසුවක් වනු නිසැකය.

0%
0%
0%
0%
Comments