වයඹදිග චීනයේ ඩොන්ග්ෆෙන්ග් වාණිජ අභ්‍යවකාශ කලාපයෙන් ගුවන්ගත වූ මෙම මෙහෙයුම විද්‍යාත්මක පර්යේෂණයකට එහා ගිය සැබෑ ලෝකයේ ප්‍රායෝගික අවශ්‍යතා රැසක් ඉලක්ක කරගත් එකක් වීම විශේෂත්වයක්.
මෙහි වඩාත්ම අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ මෙම චන්ද්‍රිකා මඟින් සිදු කෙරෙන කාර්යභාරයයි. 'Jixing Gaofen 07A02' කාණ්ඩයට අයත් මෙම චන්ද්‍රිකා සතු අධි-විභේදන කැමරා පද්ධති හරහා ඉතා පැහැදිලි ඡායාරූප සහ දත්ත ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නාගරික සැලසුම්කරණයේ සිට කෘෂිකාර්මික කටයුතු දක්වා පුළුල් පරාසයක දත්ත සැපයීමට මේවාට පුළුවන්.
මෙම Lijian-1 රොකට් මාලාවේ 12 වැනි සාර්ථක ගමන මෙය වන අතර, මේ වන විට චන්ද්‍රිකා 92ක් කක්ෂගත කිරීමට එය දායක වී තිබෙනවා.