වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අපරභාග 12.06ට උදාවුණා.
හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 6.55ට යෙදී තිබෙනවා. පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සිදු කළ යුතුයි.
රාජකාරී සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් මස 17 වන සිකුරාදා පූර්ව භාග 05.38ට යෙදී ඇති අතර අප්‍රේල් මස 20 වන සදුදා පූර්ව භාග 06.27ට හෝ පුර්ව භාග 6යි 50ට රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී තිබෙනවා.