හිරු දෙවියන් මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවූ මේ අසිරිමත් අවුරුද්දේ, අපේ හෙළ උරුමය සජීවීව අත්විඳින්නට මෙවරත් මනා ඉඩහසරක් වෙන්ව තිබීම විශේෂත්වයක්. ජන ගායනා, ජන නැටුම් හා විවිධ සංස්කෘතික අංගයන්ගෙන් උත්සවය අලංකාර වී, අපේ උරුමය සජීවීව ප්‍රදර්ශනය කළ විශිෂ්ට අවස්ථාවක්.
ගම්පහ ප්‍රදේශයේදී පැවැත්වූ මෙම උත්සවය සම්ප්‍රදායික චාරිත්‍රයන්ට ගරු කරමින්, ජාතික සංස්කෘතික හා ආගමික එකමුතුව තවදුරටත් ශක්තිමත් කරන අන්දමින් සංවිධානය කරනු ලැබවා.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, අමාත්‍ය විජිත හේරත් මහතා, අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා,ගම්පහ දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු ගරු අමාත්‍යවරු , රාජ්‍ය නිලධාරීහු සහ කලාකරුවෝ රැසක් සහභාගී වූණා.
මේ එම විශේෂ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්..



