ඇමරිකානු සංගීත සම්මාන ඉතිහාසයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් කලාකාරිනිය ලෙස වාර්තා තබා ඇති ටේලර්, සිය ගීතවල අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් ලොව පුරා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට සමත් වූ අයෙක්.
ටේලර්ට අමතරව තවත් තාරකාවන් කිහිප දෙනෙකුම මෙවර කරට කර සටනක නිරතව සිටිනවා. විශේෂයෙන්ම සබ්‍රිනා කාපෙන්ටර, ඔලිවියා ඩීන්, SOMBR සහ මෝගන් වොලන් යන ශිල්පීන් සම්මාන හත බැගින් ලබාගැනීම සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.
මින් ඔලිවියා ඩීන් සහ SOMBR පළමු වරට AMA නිර්දේශිත නාමයන් අතරට එක්ව සිටින අතර, Netflix හි "KPop Demon Hunters" චිත්‍රපටයේ "Golden" ගීතය හරහා EJAE, Audrey Nuna සහ Rei Ami යන ශිල්පිනියන් ද ප්‍රධාන පෙළේ සම්මාන සඳහා තරඟ වදී.
මෙවර සම්මාන උළෙල ලාස් වේගාස් නුවරදී මැයි 25 වන දින අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත අතර, එහි මෙහෙයවීම් කටයුතු ප්‍රවීණ රංගන ශිල්පිනී සහ ගායිකා ක්වීන් ලතීෆා (Queen Latifah) විසින් සිදු කරනු ලබනවා.
ප්‍රේක්ෂක මනාපය මත ජයග්‍රාහකයින් තීරණය වන මෙම සම්මාන උළෙල CBS සහ Paramount+ ඔස්සේ සජීවීව විකාශය කෙරේ. Billboard දර්ශකවල දක්ෂතා, ගීත අලෙවිය සහ සමාජ මාධ්‍ය තුළ ඇති ජනප්‍රියත්වය පදනම් කර ගනිමින් මෙම නිර්දේශිත නාමයන් තෝරාගෙන ඇති බැවින්, මෙවර සම්මාන රාත්‍රිය ඉතාමත් උද්යෝගිමත් වනු ඇති බව නිසැකයි.