ads
Feature

උසෙන් බෝල්ට්ගෙන් පසු ලොව මවිත කළ යොවුන් ධාවන ශූරයා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, තවමත් 17 හැවිරිදි වියේ පසුවන ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩක ගවුට් ගවුට් (Gout Gout) මුළු ලෝකයේම අවධානය තමන් වෙත නතු කර ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාවේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 ඉසව්ව තත්පර 20කට වඩා අඩු කාලයකින් නිම කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමත් සමඟයි. මලල ක්‍රීඩා ලෝලීන් පමණක් නොව, විචාරකයන් පවා පවසන්නේ ලෝක පූජිත උසෙන් බෝල්ට්ගෙන් පසුව මලල ක්‍රීඩා පිටියට බිහි වූ සුවිශේෂීම දක්ෂතාව මොහු බවයි.

මෙම ඓතිහාසික තරගයේදී ගවුට් ගවුට් මීටර් 200 ඉසව්ව නිම කිරීමට ගත කළේ තත්පර 19.67ක් වැනි සුළු කාලයක්. මේත් සමඟ ඔහු පිට පිටම දෙවැනි වරටත් ඕස්ට්‍රේලියානු මීටර් 200 ශූරතාව තමන් සතු කරගත් අතර, මීට පෙර සුපිරි ධාවන ශූර උසෙන් බෝල්ට් සහ එරියන් නයිටන් සතු කර තිබූ වයස අවුරුදු 20න් පහළ ලෝක වාර්තාව ද අභිබවා යාමට ඔහුට හැකි වුණා. තත්පර 20 සීමාව පසුකළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වීම ඔහුගේ මෙම ගමනේ ඇති සුවිශේෂීම සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

ගවුට් ගවුට්ගේ මෙම දක්ෂතාවට නොදෙවෙනි දක්ෂතාවක් ඒඩ්න් මර්ෆි විසින්ද ප්‍රදර්ශනය කළ අතර ඔහු තත්පර 19.88 කින් තරගය නිම කළා. මොවුන් දෙදෙනාගේ මෙම සුසංයෝගය ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 ඉසව්වක වාර්තා වූ වේගවත්ම කාලයන් දෙක ලෙස ඉතිහාසයට එක් වුණා.

0%
0%
0%
0%
Comments