ads
Entertainment

50 වැනි ඔලිවියර් සම්මාන රාත්‍රිය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝකප්‍රකට ලන්ඩන් රංග කලාවේ අභිමානය සනිටුහන් කරන ඔලිවියර් සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ එහි 50 වැනි රන් සංවත්සරය සමරමින්. රාජකීය ඇල්බට් ශාලාවේ පැවති මෙම උත්කර්ෂවත් රාත්‍රියේදී කාගේත් අවධානය දිනාගන්නට සමත් වුණේ ලොවක් ආදරය කරන ‘පැඩින්ටන්’ (Paddington) වලස් පැටියාගේ නවතම සංගීතමය නාට්‍යයයි.

සම්මාන හතක්ම තමන් සතු කරගත් මෙම නිර්මාණය, කරුණාව සහ ආදරය ලොවට බෙදා දෙන අපූරු වේදිකා අත්දැකීමක් ලෙස විචාරක පැසසුමට ලක් වුණා.

මෙම නාට්‍යයේ ඇති සුවිශේෂීම ජයග්‍රහණය වන්නේ 'හොඳම නළුවා' සම්මානය නළුවන් දෙදෙනෙකු අතර බෙදී යාමයි. වේදිකාව පිටුපස සිට වලසාට හඬ කවන ජේම්ස් හමීඩ් සහ වලස් ඇඳුමෙන් සැරසී වේදිකාවේ රංගනයේ යෙදෙන ආර්ති ෂා යන දෙදෙනාම එක්ව මෙම සම්මානය දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

සම්මාන රාත්‍රියේ තවත් එක් දීප්තිමත් තරුවක් වූයේ හොලිවුඩ් නිළි රේචල් සෙග්ලර් (Rachel Zegler) ය. 'Evita' නාට්‍යයේ ඇය දැක්වූ දක්ෂතාවයට හොඳම නිළිය සම්මානය හිමි වූ අතර, ඇය ලන්ඩන් වැසියන්ගේ හදවත් දිනාගත්තේ නාට්‍යය අතරතුර වේදිකාවෙන් බැස ගොස් ලන්ඩන් පැලේඩියම් මන්දිරයේ බැල්කනියේ සිට මහජනයා වෙනුවෙන් ගීත ගායනා කිරීමෙන්. එලෙසම වසර 14කට පසු වේදිකාවට පැමිණි සුපිරි නිළි රොසමන්ඩ් පයික් 'Inter Alia' නාට්‍යය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවාය.

කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇගයීමට ලක්වූ මෙම උළෙලේදී, දශක හයකට අධික කාලයක් රංගනයෙන් සහ සංගීතයෙන් රසිකයන් පිනවූ ඩේම් ඉලේන් පේජ් (Dame Elaine Paige) හට විශේෂ උපහාර සම්මානයක් පිරිනැමුවා. 

ක්ෂේත්‍රයේ නවකයින්ට මෙන්ම ප්‍රවීණයන්ටද එකසේ ගරු කළ මෙම රාත්‍රිය බ්‍රිතාන්‍ය රංග කලාවේ අනාගතය කෙතරම් දීප්තිමත්ද යන්න යළිත් වරක් තහවුරු කළා.

0%
0%
0%
0%
Comments