ads
Feature

මෙවර අවුරුදු උත්සවයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උළෙල ජන ක්‍රීඩාවලින් වර්ණවත් කිරීමට සැරසෙන ඔබ සැමගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. අවුරුදු සිරිය විඳින අතරතුර අනතුරු වළක්වා ගනිමින් නිරෝගීව උත්සව සමය ගත කිරීමට මෙම උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්.


විශේෂයෙන්ම මැරතන්, පාපැදි සහ ගම හරහා දිවීම වැනි දැඩි වෙහෙසක් දරන තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින් තරගයට සතියකට පෙරවත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී තම ශරීර යෝග්‍යතාව තහවුරු කරගත යුතු බව මෙහිදී අවධාරණය කෙරෙනවා. 

පවතින දැඩි හිරු රශ්මිය සැලකිල්ලට ගෙන මෙවැනි තරග උදෑසන 7ට පෙර ආරම්භ කිරීම වඩාත් සුදුසු වන අතර, ධාවකයින් සඳහා සෑම කිලෝමීටරයකටම වරක් ජලය සහ ලවණ පාන ලබාදීමට සංවිධායකයින් කටයුතු කළ යුතුයි.

ජනප්‍රිය ජන ක්‍රීඩාවලදී ද ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුයි. කොට්ටාපොර වැනි තරගවලදී හිස සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ සහිත අය සහභාගී නොවිය යුතු අතර, තරගකරුවන්ගේ ආක්‍රමණශීලී හැසිරීම් පාලනය කිරීමට විනිසුරුවන් වගබලා ගත යුතුයි. එසේම කඹ ඇදීමේදී ශක්තිමත් කඹයක් භාවිත කිරීමත්, ගෝනි පැනීමේදී උසස් තත්ත්වයේ ගෝනි තෝරා ගැනීමත් අනතුරු අවම කිරීමට හේතු වෙනවා.

ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා උත්සව භූමියේ පුහුණු ප්‍රථමාධාර කණ්ඩායමක් සහ ගිලන් රථයක් හෝ කුඩා ලොරියක් වැනි වාහනයක් සූදානම් කර තැබීම අනිවාර්යයි. 

අවසාන වශයෙන්, කිසිදු තරගකරුවෙකු මත්පැන් පානය කර තරගවලට සහභාගී නොවිය යුතු අතර, සංවිධායකයින් මෙන්ම ප්‍රජාව ද මෙම සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමෙන් මෙවර අලුත් අවුරුද්ද සතුටින් හා සුරක්ෂිතව සැමරීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

0%
0%
0%
0%
Comments