උත්සව සිරිය අස්සේ සිදුවන පොඩි හෝ නොසැලකිලිමත්කමක් නිසා දරුවන් අනතුරුවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින්, සැමවිටම දරුවන් පිළිබඳව අවධානයෙන් සිටීම වැඩිහිටියන්ගේ වගකීමක්.
රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතයේදී මෙන්ම, උත්සව ආහාර පිළියෙළ කරන මුළුතැන්ගෙය ආශ්‍රිතව දරුවන්ට සිදුවිය හැකි පිළිස්සුම් සහ වෙනත් අනතුරු වළක්වා ගැනීමට දෙමාපියන් ක්‍රියා කළ යුතුයි.
එමෙන්ම අද කාලයේ දරුවන් තාක්ෂණයට නතු වී ජංගම දුරකතන තිරය මතම සිරවී සිටීම පොදු දසුනක් බවට පත්වෙලා. මේ අවුරුදු නිවාඩු කාලයේදී හෝ දරුවන්ව ඒ "ඩිජිටල් ලෝකයෙන්" මිදවීමට උත්සාහ කළ යුතු බව වෛද්‍යතුමා පවසනවා.
ඒ වෙනුවට අපේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දී, ඒවාට දරුවන් සහභාගී කරවීම හරහා ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යය වර්ධනය කිරීමටත්, සැබෑ අවුරුදු අසිරිය විඳීමටත් අවස්ථාව සලසා දීම අතිශය වැදගත්.