ads
Lifestyle

කොළඹ විලාසිතා සතිය උත්කර්ෂවත්ව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලාංකේය විලාසිතා ක්ෂේත්‍රයේ නවමු මංපෙත් විවර කරන, වසරේ වඩාත්ම බලාපොරොත්තු සහගත සිදුවීම වන "කොළඹ විලාසිතා සතිය" මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

අප්‍රේල් 1 වනදා සිට 4 වනදා දක්වා කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම ගිම්හාන සංස්කරණය (Summer Edition), මෙරට ප්‍රමුඛතම නිර්මාණකරුවන්ගේ සහ නවක දක්ෂතාවලින් පිරි ශිල්පීන්ගේ අපූර්ව නිර්මාණවලින් වර්ණවත් විය.

දකුණු ආසියාවේ දීර්ඝතම කාලයක් පවතින විලාසිතා වේදිකාව ලෙස වසර 23 ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන CFW, මෙවරත් සිය අනන්‍යතාවය ලොවටම ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කරමින්, දේශීය අමුද්‍රව්‍ය සහ සාම්ප්‍රදායික මෝස්තර නවීන පන්නයට මුසු කළ අපූරු නිර්මාණ රැසක් මෙවර ගිම්හාන එකතුවට ඇතුළත් වීම විශේෂත්වයක්.

මෙවර සංස්කරණය ජාත්‍යන්තර මට්ටමින් වඩාත් වර්ණවත් වූයේ විදේශීය නිර්මාණකරුවන්ගේ සහභාගීත්වය නිසාවෙනි. ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, චීනය සහ රුසියාව යන රටවලින් පැමිණි ප්‍රවීණ නිර්මාණකරුවන් ඇතුළුව 30 කට අධික පිරිසක් මෙවර සිය දායකත්වය ලබා දුන්නා.

ගුණාත්මක බවින් සහ නිර්මාණශීලීත්වයෙන් අනූන වූ කොළඹ විලාසිතා සතිය, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ විලාසිතා කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් තහවුරු කිරීමට සමත් විය.

මේ කොළඹ විලාසිතා සතියේ ඡායාරූප කිහිපයක්..

your image

your image

your image

your image

your image

your image

your image

your image

your image

0%
0%
0%
0%
Comments