ads
Interview

රටවල් රැසක් මැද ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ත්‍රිත්වයක් ගෙනා සුදේශ්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඉතාලියේ හැදී වැඩී, එහෙත් හදවතින් ශ්‍රී ලාංකිකයෙකු ලෙස ජාත්‍යන්තරය ජයගත් ඔහු සුදේශ් දිහාන් ෆොන්සේකා. මෑතකදී තායිලන්තයේ පැවැත්වුණු "Mr. Tourism World" තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශිෂ්ට ජයග්‍රහණ රැසක් මෙරටට දිනා දීමට ඔහු සමත් විය. කාර්යබහුල මොහොතක Ziradaily අප සමඟ පිළිසඳරකට එක්වූ සුදේශ්ගේ අත්දැකීම් පෙළගැසෙන්නේ මෙලෙසිනි.

your image

සුදේශ්, කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

ඇත්තටම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මම "Mr. Tourism World" තරගය අවසන් කරලා ලංකාවට ආවේ පසුගිය ඉරිදා. මේ සති අන්තයේ මම නැවත ඉතාලිය බලා පිටත් වෙන්න ඕන. ඊට කලින් තරගය වෙනුවෙන් මට උදව් කරපු අයව මුණගැහෙන්න සහ භාරගත් දේවල් නැවත ලබාදෙන්න තියෙනවා. කාලය සීමිත නිසා හැමදේම ඉක්මනින් කරගන්න උත්සාහ කරනවා.

සුදේශ් ගැන කෙටියෙන් හැඳින්වීමක් කළොත්?

මම ඉපදුණේ ලංකාවේ. නමුත් මට 5 වසරේදී වගේ මගේ පවුලේ අයත් එක්ක ඉතාලියට ගියා. අම්මා, අක්කා සහ මල්ලිලා දෙන්නා තමයි මගේ පවුලේ ඉන්නේ. මම අධ්‍යාපනය ලැබුවේ ඉතාලියේ. දැන් එහි රැකියාවක් කරන ගමන්ම නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

your image

"Mr. Tourism World" අත්දැකීම ගැන මොකද හිතෙන්නේ?

ඒක කවදාවත් අමතක නොවන අත්දැකීමක්. මගේ පුංචි කාලේ ඉඳන් තිබුණ ලොකුම හීනයක් තමයි කවදා හරි ජාත්‍යන්තර වේදිකාවක මගේ රට නියෝජනය කරන එක. "Mr. Tourism Sri Lanka" තරගය හරහා මට ඒ අවස්ථාව ලැබුණා.

තරගය තිබුණේ තායිලන්තයේ Chiang Mai නගරයේ. ඒක හරිම ලස්සන නගරයක්. මම පලවෙනි වතාවට තමා තායිලන්තය ට යන්නෙ. ඉතින් ඒ හැම දේම මට අලුත් අද්දැකීමක්. තරගයට රටවල් රැසකින් තරගකරුවො ඇවිත් හිටියා. තරගය තිබ්බෙ පෙබරවාරි 5 ඉදන් 12 වෙනකන් සතියක කාලයක්.ඇත්තටම ඒ කාලෙ ඇතුලදි මට ලෝකෙ වටෙන්ම සහෝදරයෝ ගොඩක් ලැබුනා කිව්වොතින් නිවැරදියි. 

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබ ලැබූ ජයග්‍රහණ මොනවාද?

මට මගේ රට වෙනුවෙන් ජයග්‍රහණ තුනක් දිනාගන්න පුළුවන් වුණා. ඒ තමයි , Final Top 10, Popular Vote Runner Up , Best National Costume Runner Up . මේ හැම පාරකම මට කතා කරේ ශ්‍රී ලංකා කියලා. ඒක මට කවදාවත්ම විස්තර කරන්න බැරි හැගීමක්. මොකද එතනදි  මම නියෝජනය කරන්නෙ මගෙ රට කියන හැගීම ආවම ඒක පුදුම අභිමානයක්. 

your image

අභියෝගයක් ආපු ගමන් බොහෝ දෙනෙක් කරන්නේ පසුබට වෙන එක. ඔබ ඒ අභියෝග වලට මුහුණ දෙන්නෙ කොහොමද ?

ඇත්තමට මේ තරගය ට සූදානම් වෙන කාලය වගේම තාමත් මට විවිධ අභියෝග වලට මුහුන දෙන්න සිද්ධ වෙනවා. මට සැත්කම් දෙකකට පවා මුහුණ දෙන්න වුණා. මගේ කකුලේ ඇතිවුණු ආබාධයක් නිසා මම Talent Competition එකට කරන්න හිටපු 'වෙස් නැටුම' ඉදිරිපත් කරන්න බැරි වුණා. රටක් නියෝජයන කරනවා කියන එක ලොකු වගකීමක්. ඒත් එක්කම ලොකු පීඩනයක්.

නමුත් මම ඒ හැම අභියෝගයකදීම මගේ අරමුණ ගැන හිතුවා. මම හැමෝටම කියන්නේ, අපිට පැහැදිලි ඉලක්කයක් තියෙනවා නම් අපව වට්ටන්න කාටවත් බැහැ. එක දොරක් වැහුණොත් තව දොරක් ඇරෙනවා. ප්‍රශ්න වලට උත්තර නැත්තේ නැහැ, අපි කරන්න ඕන හොදට හිතල බලල වැඩ කරන එක විතරයි. අභියෝග වලට මුහුන දෙන්න.ඒවයින් පසුබට වෙන්න එපා..

ඔබේ මේ සාර්ථකත්වය පිටුපස ඉන්නා ශක්තිය සහ පවුලේ අය ගැන මතක් කළොත්?

මගේ පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය ඇත්තටම පුදුමාකාරයි. මගේ අම්මා, අක්කා සහ මල්ලිලා තිදෙනා ඇතුළු පවුලේ හැමෝම සෑම තත්පරයකම මාත් එක්ක හිටියා. මම තරගය සඳහා ලංකාවට ආපු වෙලාවේ පවා වීඩියෝ කෝල් මාර්ගයෙන් නිතරම සම්බන්ධ වෙලා මට තනිකමක් දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම මගේ හොඳම යාලුවාවත් මතක් කරන්න ඕන.විශේෂයෙන්ම ලංකාවේ ඉන්න මගේ යාළුවගේ ගෙදර අය මට සැලකුවේ එයාලගේම දරුවෙක් වගේ. මාව මානසිකව සැහැල්ලුවෙන් තියන්න ඔවුන් කරපු කැපකිරීම් නිසා මම ඇත්තටම වාසනාවන්තයි කියලා හිතෙනවා.

your image

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?

ඔව්, මාව තමන්ගේම කෙනෙක් වගේ හිතලා උදව් කරපු පිරිසක් ඉන්නවා. මුලින්ම මගේ Personal Trainer කෝෂ් හේවගේ සර්ව මතක් කරන්නම ඕන. මේ ගමන පටන් ගන්න කොට මට නිසි සැලැස්මක් තිබුණේ නැහැ. මම මේ ජර්නි එකේ කරපු හොඳම ආයෝජනය සර් කියලා මට බය නැතුව කියන්න පුළුවන්.මාව බිංදුවල ඉඳන් මේ තත්ත්වයට ගොඩනැඟුවේ ඔහුයි. ලංකාවේ ක්ෂේත්‍රය ගැන මට ලොකු අවබෝධයක් නොතිබුණත්, සර් මාව නිවැරදි පුද්ගලයින්ට හඳුන්වා දීලා මට වෘත්තීය ගරුත්වය ඇතිව වැඩ කරන්න පාර පෙන්වූවා.එමෙන්ම මගේ catwalk choreographer වන රොසෑන් ඩයස් මෙනවිය, talent coach රයිනි චාරුකා මෙනවිය, Lovi Ceylon, ධනංජය බණ්ඩාර, Buddhi Batiks, Christell Skin Clinic හි වෛද්‍ය ශානිකා යන අයවත් ගෞරවයෙන් මතක් කරනවා. Pageant Of Sri Lanka සමූහයේ ප්‍රභාශ්වර මල්ලිත් නිතරම මාත් එක්ක හිටියා. මට වෝට් කරපු, ලයික් කරපු සහ වචනයකින් හරි උදව් කරපු හැම දෙනාම නිසයි මට මේ ජයග්‍රහණය කරා යන්න පුළුවන් වුණේ.

ඉදිරි බලාපොරොත්තු මොනවාද ? 

දැන් නැවත ඉතාලියට ගිහින් මගේ රැකියාවේ වැඩකටයුතු ආරම්භ කරන්න ඕන. පැජන්ට් එක නිසා අතපසු වුණු වැඩ අවසන් කරන්න දැන් මට තුන් ගුණයකින් මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයෙන් තවදුරටත් ඉදිරියට යන්නත්, මගේ 'Green Sri Lanka' ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යන්නත් මම බලාපොරොත්තු වෙනවා.

ඔබේ ඉදිරි ගමන් මඟට අපෙන් උණුසුම් සුබ පැතුම්, සුදේශ්!

✍️ නයනාංජලී හේවගේ

89%
11%
0%
0%
Comments