චීනයේ Chongqing නගරයේදී සිදු කරන ලද මෙම පරීක්ෂණ පියාසර කිරීමත් සමඟ, මෙවැනි තාක්ෂණයකින් යුත් ලොව ප්‍රථම ගුවන් යානය ලෙස මෙය ඉතිහාසයට එක් වේ.
උසස් තාක්ෂණය සහ කාර්යක්ෂමතාව
චීන අභ්‍යවකාශ වායුගතික විද්‍යා ඇකඩමිය (China Academy of Aerospace Aerodynamics) මගින් නිපදවන ලද මෙම යානය, නව බලශක්ති වාහන නිෂ්පාදකයෙකු සමඟ ඒකාබද්ධව නිපදවන ලද ඉහළ කාර්යසාධනයකින් යුත් දෙමුහුන් බල පද්ධතියකින් සමන්විත වේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍ය ගුවන් යානා වලට වඩා කෙටි ධාවන පථයකින් ගුවන්ගත වීමට හා ගොඩබැස්වීමට ඇති හැකියාවයි. පසුගිය වසරේ අත්හදා බැලූ YH-1000 යානයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමේ හැකියාව සහ වැඩි දුරක් පියාසර කිරීමේ හැකියාව මෙම නවතම YH-1000S යානය සතු වේ.
බහුවිධ සේවාවන් සඳහා යොදාගැනීමේ හැකියාව
ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම යානය ක්ෂේත්‍ර ගණනාවක සේවය සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය. විශේෂයෙන්ම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් ජාලයන් ශක්තිමත් කිරීමටත්, හදිසි ආපදා අවස්ථාවලදී සහන සේවා සැපයීමටත් මෙය මහඟු දායකත්වයක් ලබා දෙනු ඇත. Xinhua ඇසුරිනි
මීට අමතරව, කෘතිම කාලගුණ වෙනස් කිරීම් (Artificial weather modification), සාගර නිරීක්ෂණ කටයුතු සහ සමුද්‍රීය අධීක්ෂණ කටයුතු සඳහාද මෙම මිනිසුන් රහිත යානය කාර්යක්ෂමව භාවිතා කළ හැකිය.