ads
Entertainment

41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට දිවයිනෙන් පිටත් වූ සබීනා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ගෞරවයක් අත්කර දීමේ අරමුණින්, 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා සහභාගී වීමට 2025 වසරේ ලාංකේය විවාහක රූ රැජින කිරුළ දිනූ සබීනා යූසෆ් අද (21) අලුයම දිවයිනෙන් පිටව ගියාය. අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවරදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඇය සහභාගී වන්නේ ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නව බලාපොරොත්තුවක් ලෙසිනි.

මෙම වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ජනවාරි 22 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. දක්ෂතාවලින් මෙන්ම මනා පෞරුෂයකින් හෙබි සබීනා යූසෆ් මෙවර තරගාවලිය තුළ ප්‍රමුඛතම ස්ථානයක් දිනා ගැනීමට සමත් වනු ඇති බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.

සබීනා යූසෆ් හට සුබපැතුම් එක්කිරීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත විශාල පිරිසක් පැමිණ සිටියහ. ඒ අතර ලෝක විවාහක රූ රැජින තරගාවලියේ මෙරට ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද මෙන්ම 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ඉෂාදි අමන්දා ද සහභාගී වූහ.

දිවයිනෙන් පිටත්ව යන මොහොතේ සබීනාගේ ඥාති හිතමිත්‍රාදීන් රැසක් ගුවන් තොටුපොළට පැමිණ ඇයට උණුසුම් සුබපැතුම් එක් කළහ. පසුගිය වසරේ ශ්‍රී ලංකාව ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණයේ රිද්මය ඉදිරියට ගෙන යමින් මෙවර ද ලෝක විවාහක රූ රැජින කිරුළ මව්බිමට රැගෙන ඒමට සබීනා යූසෆ් හට හැකි වේවා යන්න සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පැතුමයි.

0%
0%
0%
0%
Comments